(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර, එය හෙට (19) දිනය වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී 20, 21 දිනවල උතුරු වෙරළට ආසන්නයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු හා නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන අතර, උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd