
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී මෙරට ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලිනි.
රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය සහ පද්ධතිමය අවදානම් අඩු කිරීම, බලශක්ති අංශයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම හා කාබන් විමෝචනය අඩු කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අවම කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලික ප්‍රාග්ධනය ක්‍රියාත්මක කිරීම සහ එමඟින් බ්‍රෝඩ්බෑන්ඩ් වෙළෙඳපොළේ තරගකාරිත්වයක් ඇති කිරීම, සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම හා බෙදාහැරීමේ පද්ධති ඉලක්කගත කිරීම යනාදී ක්ෂේත්‍ර අටක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ යෝජනා ද ඉදිරිපත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි සංවර්ධන සැලසුම් ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්