
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඩිලංගා ගෝමස්)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා ගේ සහෝදරයා විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ඩබල් බැරල් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජ ගල්ගොඩ ගේ සුනිමල් කුමාර නොහොත් තාජු නමැත්තාය
සැකකරු සතුව ගිනි අවියක් තිබෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව ගෝනපොල කෝරලඉම ප්‍රදේශයේ නිවසක දී සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි
අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සැකකරු ගෙන් අනාවරණය වු තොරතුරු සහ මගපෙන්වීම අනුව රත්මලාන කාශියා මාවතේ පාලම අසල කසල ගොඩක් යට කොටස් දෙකකට කඩා සඟවා තිබූ ගිනි අවිය සහ ජීව උණ්ඩය සොයාගත් බව සොයා ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අධිකරණය මගින් වරෙන්තු දෙකක් සැකකරුට විරුද්ධව නිකුත් කර ඇති බවත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙක් බව පවසන පොලිසිය මීට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් තැනැත්කු බවත් පොලිසිය කියයි.
සැකකරුගේ සහෝදරයා වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුදා නමැත්තා මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙලේ සුදාගේ සහෝදරයා ගිනි අවියක් එක්ක මාට්ටු