පොලී කත මරා යතුරුපැදියත් සමග වළ දමලා යාපනය මණියන්තෝට්ටම් උදයපුරම් ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇගේ යතුරුපැදියත් සමගම ගෙවත්තක වළදමා තිබියදී ගොඩගත් බවට යාපනය පොලීසිය පැවසීය. 10 April 2022
කාසල්රි -මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවති. 10 April 2022
ආයුධයකින් පහර දී කාන්තාවක් මැරූ අයෙක් අත්අඩංගුවට මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ කාන්තාවක් අද (10) අලුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ බව කියන ඇය සමඟ සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙක් මීගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 10 April 2022
පිස්තොලයක්-ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් මාට්ටු කොළඹ වෙරළබඩ පොලිස් වසමේ දී ස්වයංක්‍රීය 9 එම්.එම් වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 4 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 10 April 2022
ඩීසල් ඉල්ලා ආණමඩුව කුරුණෑගල පාර වහයි ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හළට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කර ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් අවහිර කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි. 10 April 2022
බොහෝ ප්‍රදේශවලට අදත් මහවැසි දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (10) ත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2022
ඉම්රාන්ට ධුරය අහිමි වෙයි විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමුණි. 10 April 2022
‘‘මහින්ද ඉවත්කර නව අගමැතිවරයකු පත්කරන්න‘‘ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර, නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි හවුල්කාර පක්ෂ 11 සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 09 April 2022
ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය ගැන පෙරළිකාරයෝ වැට උඩ ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ,මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ. 09 April 2022
මත් ජාවාරම්කරුට ඇප ගන්න අල්ලස් ගත් ලේකම් දෙකක් රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු ඇතුළු තිදෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර 09 April 2022
කුමන්ත්රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් රැකගත නොහැකියි කුමන්ත්රණකරුවන්ට බලය අල්ලාගත හැකි නමුත් රැකගත නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 09 April 2022
11 - 12 බැංකු විවෘතයි රජයේ නිවාඩු දිනයන් දෙකක් බවට පත්කළ ඇතිකර ලබන සදුදා සහ අගහරුවාදා (11 සහ 12) සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සාමාන්‍ය පරිදි විවෘත කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 09 April 2022
දෝශාභියෝගයකටත් අත්සන් එකතු කිරීම් ඇරඹෙයි විශ්වාසභංග යෝජනාවට අමතරව ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් සඳහාද සමගි ජන බලවේගය අත්සන් එකතු කරමින් සිටින බව වාර්තා වේ. 09 April 2022
ඖෂධ මිලත් වැඩි කරන්න අවසර ආනයනික ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ. 09 April 2022
විරෝධතාකරුන්ගෙන් ගාලුමුවදොර පිරෙයි ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයක් කොළඹට කැඳවීමේ විරෝධතාවයට මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර අසලට එක්රොක් වී සිටිති. 09 April 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලෙහාට කඩාගෙන යන වාහනයක් වගෙයි රටේ ආර්ථිකය එක රැයකින් උඩට ගත නොහැකි බවත් ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 09 April 2022
පාර්ලිමේන්තුවේ මල්වඩමක් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා රජයට විරෝධය පළ කිරීම සඳහා මල් වඩමක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය. 09 April 2022
රට අතහැර යන්නන් තවත් ඉහළට රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30-40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
මැතිසබයේ ගැලරි දිගටම වැසෙන හැඩ පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරි තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහාය රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසකගේද ( දේශපාලන සහ ව්‍යවස්ථාදායක ) සහය සහ උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. 09 April 2022
වැස්ස තව තවත් වැඩි වෙයි දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදීත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 April 2022
‘‘සහල් මිල ගණන් දරා ගන්න බෑ‘‘ සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමක ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 09 April 2022
රටේ අර්බුදයට එරෙහිව අදත් තැන තැන සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් කොළඔ ගාලුපාරේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළ අතර රටේ පවතින අර්බුදයට විසැඳුම් ඉල්ලා අදත් තැන තැන විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි. 08 April 2022
තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට සහනයක් දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සලකා බලමින් ශ්‍රී ලංකාවට සහල්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට තමිල්නාඩුව සූදානම් යැයි එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං පවසා ඇත. 08 April 2022
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සැලකිය යුතු ලෙස සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 08 April 2022
කොළඹ රකින ජන පවුර ආණ්ඩුවට සහායදී උද්ඝෝෂණයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට සහාය පළ කරමින් කොළඹ රකින ජන පවුර සංවිධානය කරන ලද සාමකාමී පෙළපාලියක් අද (8) පැවැත්විණි. 08 April 2022
ඉන්දීයාවෙන් ණයට දෙන තෙල් බාගයකටත් වඩා අරන් අවසන් ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන මිලදීගැනීම සඳහා මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50 න්, ඩොලර් කෝටි 29 ක් වටිනා ඉන්ධන මේ වන විටත් ලබාගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (8) පැවසීය. 08 April 2022
විදුලියට ඉන්ධන ඉල්ලා ගොනු කළ පෙත්සම විසිවෙයි විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) ප්‍රතික්ෂේප කළේය. 08 April 2022
කොවිඩ් ආසාදිතයන් 80ක් කොවිඩ් ආසාදිතයින් තව 80 දෙනෙක් අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 08 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026