
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
‘කොවිඩ් 19’ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට ළගාවූ සංචාරකයන් රැගත් විශාලතම නෞකාව වන ‘වයිකින් මාස්’ නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.
යුරෝපයෙන් සංචාරය ආරම්භ කළ මෙම නෞකාව මැදපෙරදිග සහ ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේන්දු වූ අතර නෞකාව හෙට පස්වරු 6.30 ට මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය.
වසර තුනකට අධික කාලයකට පසුව පැමිණි මෙම නෞකාවෙන් සංචාරයන් 650 ක් පමණ පැමිණ සිටින අතර එහි කාර්ය මණ්ඩලය සාමාජිකයන් සංඛ්‍යාව 450 කි.
එම නෞකාවෙන් පැමිණි සංචාරකයන් මේ වන විට කොළඹ, ගාල්ල සහ පින්නවල යන ප්‍රදේශවල සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානවල සංචාරය කරමින් සිටින බව එම නෞකාවේ දේශීය නියෝජිත ලංකා ෂිෆින් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ජෙප්පොයි කුලී අරගලයොයි බෝට්ටුවලිනුත් පෙළපාලි ගියේ නැත්තේ...! එහෙම උනානම් මේ සයුරේ දැවැන්තයා ආපහු හරවගෙන යනවා ෂුවර් එකටම...! මේක දැකලා සජබ කියන ගිලෙන නැවට ඉරිසියා හිතෙන්න ඇති එජාප නැව මේ තරම් රටටම ආකර්ශනියව ශක්තිමත්ද කියලා!
ඕවා කොවිඩ් වසංගත, සමහර රටවල ඕවයින් එන මිනිස්සු රට ඇතුලට ගන්නේ නෑ කොරන්ට්යින් නොකර. ලංකාවේ බුවාලා ඕව බලනවද දන්නේ නැහැ
සත්තු, සරපයි මේ රටේ බහුල බව ඒ මිනිස්සු නොදන්නවා ඇති.. ලඟින් ගියොත් ඇහැක් නැහැ.