(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය සම්බන්ධ දෙවැනි නඩුවේ විභාගය ලබන පෙබරවාරි මස 24 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (18) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ 10 වන සාක්ෂිකරු වන හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතාට ලබන පෙබරවාරි මස 24 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.
චූදිතට එරෙහිව අධිකරණය හමුවේ විභාග වූ මෙවැනි ම අනෙක් නඩුව සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මිය වරදකරු වීමෙන් පසු වසර දෙකක අනිවාර්ය සිර දඬුවමක් අධිකරණයෙන් නියම වූයේ ඉකුත් මැයි මස 27 වැනිදා ය.
එම සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කළේය.
පසුව එම නියෝගයට එරෙහිව වීරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස්ව සිටින්නීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශෂී වීරවංශගේ නඩුවට දින දෙයි
Perera Saturday, 19 November 2022 12:11 PM
මේ වගේ වංචාවංශලාට ඡන්දෙ දෙන්න බූරුවෝ ඕනෑතරම් ඉන්න රටක් ලංකාව...