(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකාවේ සෑම රජයේ කාර්යාලයකම ඉඩම් අංශය දූෂිත බවත් කවුරුන් හෝ එම කාරණය ප්‍රතික්ෂේප කරන්නේ නම් තමා එය ඔප්පු කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
අරගලයේ අගමුල ගැන සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාගැනීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලංකාවේ සෑම ඉඩම් අංශයක්ම දුෂිතයි
podiaarachchi Friday, 18 November 2022 01:56 PM
හිටපු අවුරුදු 4ට ඔහේටත් මාලිගාවක් වගේ ගෙයක් හම්බවුණා නේද? දැන් ඉතින් කට පියාගෙන ඉන්න තමයි වෙන්නේ...!
surasena Friday, 18 November 2022 03:03 PM
සිරිසේන අයියත් හොඳට එයාලාගේ පවුලේ ප්‍රශ්න විසඳාගත්තා...! වෙන සිදුවූ දෙයක් නැහැ..!
Chamila Friday, 18 November 2022 02:42 PM
තමුන් ලොකු පුටුවේ ඉන්න කාලේ, මොකද කළේ? එතකොට හොඳට තිබ්බද?
අබිලින් Friday, 18 November 2022 02:49 PM
ඉඩම් අංශයේ අයට බැරිවුණොත් වෙන්නේ ජේ.ආර් ජනාධිපති කිව්වා වගේ ගැහැණියක් පිරිමියකු කිරීමත්, පිරිමියකු ගැහැණියක් කිරීමත් පමණයි.. දැන්නම් මොනරු පියඹා ගියත් ගොඩක් අමාරුයි කියලා පේනවා. ඒත් වෙහෙරගල ඩෑම් එකේ පිංතූර පහක්, හයක් වත් තිබුනොත් චුට්ටක් පහසුයි කියන්න පුළුවන්..!
මැක්ස් Friday, 18 November 2022 02:53 PM
අරගලය නමැති දේශපාලන ප්‍රහසනයේ අග මුල සෙවීම වැදගත් වන්නේ ඔබතුමාලා ද එහි කොටස්කරුවන් වූ නිසායි. රූකඩ වූ නිසායි. වෙසෙසින්ම ලංකාවේ මධ්‍යම පන්තියත්, තමන් මහා කෙරුමන් යයි සිතා සිටින නාගරික සහ ගැමි තරුණ පිරිසත් මොනතරම් වහලුන්ද, ගිරවුන්ද සහ නොමේරූ ඇත්තන් ද වන වග පසක් කරගත් හැකි නිසායි...!
Prabha Friday, 18 November 2022 07:53 PM
ඉඩම් අංශ දූෂිත නැත්නම් ඔයාගේ දුව, ඩඩ්ලි කොහොම වැව් තාවුලුවල හෝටල් හදන්නේ.
Bamunuarachchi Saturday, 19 November 2022 06:48 AM
ඔබ හරි ඔබ වෙනුවෙන් අපි සාක්ෂි දෙන්නම්. ඉඩමක් කට්ටි කර විකිනීමෙදි පිඹුරු අනුමැතිය දීමට සබපතිලා අල්ලස් ගන්නේ ලක්ෂ ගණන්වලින්.