IMG-LOGO

විගණන නිලධාරියාට මරණ තර්ජනය කළ කාන්තාවක් ඇතුළු 2ක් අල්ලයි

(යොහාන් භාසුර)

රජයේ විගණන උප කාර්යාලයට අනුයුක්තව වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උප කාර්යාලයේ රාජකාරි කරන විගණන නිලධාරියකුගේ පෞද්ගලික නිවසට පැමිණ මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මෙහිදී 26 හැවිරිදි කාන්තාවක් සහ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

අදාල විගණන නිලධාරියාගේ වේයන්ගොඩ, මාබෝදල පිහිටි නිවසට පැමිණ පුද්ගලයන් පිරිසක් තර්ජනය කර ඇති බවට විගණකාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් යොමුකර තිබූ බවත් අදාල විගණන නිලධාරියාට දුරකථනයෙන් කළේ යැයි කියන තර්ජන ඔස්සේ පරික්‍ෂණ කර එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

විගණන නිලධාරියාට මරණ තර්ජනය කළ කාන්තාවක් ඇතුළු 2ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site