IMG-LOGO

අයින්ස්ටයින්ගේ - හෝකින්ස්ගේ බුද්ධිය පරදූ ලාංකික දැරිය

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික 10 හැවිරිදි අරියානා දඹරවැවහේවගේ දැරිය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුව ඇත.

අරියානා දැරිය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි  (අයි.කිව්) මට්ටම ඉක්මවා යාම හේතුවෙන් මෙසේ ලෝකයේම අවධානය ලබා ගැනීමට සමත්ව තිබේ. අරියානා තම දෙමව්පියන් සමග හඩර්ස්ෆීල්ඩ් නගරයේ ජීවත් වෙයි.

හඩර්ස්ෆීල්ඩ් හි ශාන්ත පැට්‍රික් කතෝලික පාසලේ අධ්‍යාපනය ලබන අරියනා බුද්ධි මට්ටම් මැන බැලීම සඳහා තිබෙන "මෙන්සා අයි.කිව්" පරීක්ෂණයට මුහුණදී ඇති අතර එහිදී ලකුණු 162 ලබා ගැනීමට සමත්ව ඇත. ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත බුද්ධි මට්ටම ලකුණු 160 කි.

ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් 2009 වසරේදී පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගොස් තිබේ.අරියානා පවසන්නේ තම බලාපොරොත්තුව ද ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වීම බවය.අරියානා ගේ විනෝදාංශය පොත් කියවීම බව පැවැසෙයි.

මෙන්සා හි ඉහළ බුද්ධි මට්ටමක් ඇති සමාජයට එකතු ලෙස ආරාධනා ලැබී ඇති බවත් ඇය මෙම පරීක්ෂණයට මුහුණදුන් ඉහළ බුද්ධි මට්ටමක් ඇති සියයට 2 ක ප්‍රතිශතයට අයිතිවන බවත් මෙන්සා සංවිධානය පවසා ඇත.



අදහස් (6)

අයින්ස්ටයින්ගේ - හෝකින්ස්ගේ බුද්ධිය පරදූ ලාංකික දැරිය

Albetta Friday, 18 November 2022 12:43 PM

ලංකාවේ මොළවලට ගහන්න මොළ ලොවෙත් නෑ. ඒ අතරේ ඉන්නවා මොළ හතක් තියන කට්ටියත්... මෙලෝ දෙයක් කරන්න බැරි? IQ මැනපු නැති සුපිරි මොළ තියෙන අය කොච්චර අපේ රටේ ඇද්ද? IQ මට්ටම 200 පන්නපු කට්ටිය හොයාගන්න බැරිවෙන එකක්‌ නෑ මැනලා බැලුවා නම්...

:       7       14

Rata Perata Friday, 18 November 2022 01:05 PM

සුභපැතුම් දුව

:       0       24

මැක්ස් Friday, 18 November 2022 03:03 PM

මේ දියණියට හෘදයාංගම සුබපැතුම් එක් කරන අතරම, ඇය පෙරදිග දැනුම, නාගර්ජුනපාදයාන්නගේ, සන්කරාචාර්යයන්ගේ හෝ හීනයාන, මහායාන සහ තන්ත්‍රයාන පිළිබඳ දැනුම මෙන්ම අපගේ පැරැන්නන් විසින් ලෝකයට දායාද කළ දැනුම් සම්භාරය ගැනත් උගෙන ගතහොත් ලෝකයට අලුත් යමක් දීමට හැකි වේවි... ඇය ඉගෙන ගත් පාසලේ නම අනුව නම් ඇයට ඒවා අපබ්‍රංශ වීමට ඉඩ තිබේ...

:       3       5

බකන්නිලා Saturday, 19 November 2022 12:28 PM

මොකක් ගැනද ඔය කියන්නේ?

:       0       1

de silva Friday, 18 November 2022 03:56 PM

අපේ රටේ හොරකමට දක්ෂ මොල 7 හොරෙක් ඉන්නවා. එයාට කපුටෙක් ගැන ඉංග්‍රීසියෙන් කියන්නවත් දැනුමක් නැහැ. නමුත් ඩොලර් කෝටි ගණන් හොරකම් කරන හැටිනම් හොඳට දන්නවා.

:       2       2

SUNIL MILANO Friday, 18 November 2022 09:56 PM

දුවට මගේ හෘදයාංගම සුබ පැතුම් දුවේ. බුදුසරණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site