(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කුරුණෑගල ඇතුළු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සුදු මැස්සාගේ රෝගයට ගොදුරු වී තිබෙන්නේ යැයිද කඩිනමින් නිසි පිළියමක් නොයෙදුවොත් ඉදිරියට දැඩි අර්බුදයක් ඇතිවිය හැකි යැයි ද සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ප්‍රශ්නය විසඳීමට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගේ අවංක ගෝලයා වන වජිර අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසූයේ සුදු මැස්සා ගේ රෝගය බෝවීම නිසා රටවල් ගණනාවක පොල් වගාවට ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවයි.
මෙම ප්‍රශ්නය විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන්නැයි ඉල්ලා සිටි ජයසේකර මහතා නිරිතදිග මෝසම එන විට විශාල වශයෙන් මෙම මැසි උවදුර පැතිර යා හැකි බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් වගාවටත් හෙනහුරෙක් පාත්වේ
janaka Friday, 18 November 2022 03:27 PM
ලංකාවේ පොල් ඉවරයි. හොඳ වැඩක් ඒකට නොකළොත්...
දාස Friday, 18 November 2022 03:55 PM
මහත්තයෝ කුරුණෑගල පොල් වගාව ගැන කියන ගමන්ම කියන්නකෝ කුරුණෑගල නගර සභාව හදපු කඩ කාමර, ඔයගොල්ලන්ගේ පක්ෂයේ කට්ටියයි, පොහොට්ටුවෝයි, අයියෝ සිරිසේනගේ කට්ටියයි එකට එකතුවෙලා බෙදාගත්තු විදිය ඔය තුන් ගොල්ලෝම එකම වල්ලේ පොල්....