(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මෙම අයවැය යෝජනාවලියේ බොහෝ යෝජනා හොඳ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

දුෂ්කර පාසල් වලට පරිගණක ලබාදීමේ වැඩපිළිවෙල අගමැතිවරයා ලෙස සිටියදී ඉටුකර ගැනීමට නොහැකි වූ නමුත්  ජනාධිපතිවරයා ලෙස එය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම හොඳ යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

ත්‍රෛලෝක විජය පත්‍ර  අපනයනයට අවසර ලබාදීමද හොඳ දෙයක් බව පැවසූ මන්ත්‍රීවරයා  කංසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බවද සඳහන් කළේය.

සුද්දා දුම්කොළ හඳුන්වාදී  කංසා නැති කළ බවද  ඔහු පැවසුවේය.

රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසුවේ  අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.