IMG-LOGO

රාජිත ’’අයවැය හොඳයි’’ කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මෙම අයවැය යෝජනාවලියේ බොහෝ යෝජනා හොඳ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

දුෂ්කර පාසල් වලට පරිගණක ලබාදීමේ වැඩපිළිවෙල අගමැතිවරයා ලෙස සිටියදී ඉටුකර ගැනීමට නොහැකි වූ නමුත්  ජනාධිපතිවරයා ලෙස එය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම හොඳ යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

ත්‍රෛලෝක විජය පත්‍ර  අපනයනයට අවසර ලබාදීමද හොඳ දෙයක් බව පැවසූ මන්ත්‍රීවරයා  කංසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බවද සඳහන් කළේය.

සුද්දා දුම්කොළ හඳුන්වාදී  කංසා නැති කළ බවද  ඔහු පැවසුවේය.

රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසුවේ  අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.



අදහස් (9)

රාජිත ’’අයවැය හොඳයි’’ කියයි

sena Saturday, 19 November 2022 01:53 PM

ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්නයි, පොල් ගහට ගොම දාන්න...

:       0       26

චමින්ද Saturday, 19 November 2022 03:08 PM

ඇත්ත කිව්වාම බයවෙන්නෙ එපා... පොල් පැලේ අතුවල ගොම ටිකක් ගාලා තියන්න.. ගහමුලට ගොම සමග දියර පොහොර ලැබෙයි. පොල්පැලෙත් ආරක්ෂා වෙයි.

:       4       10

saman Saturday, 19 November 2022 03:35 PM

දැන් ඉතින් තියෙන්නේ හෙමීට එහා පැත්තට ලිස්සන එකයි....

:       0       15

de silva Saturday, 19 November 2022 03:42 PM

ඔවු, දැන් හෙමින් හෙමින් එහාට හැරිලා නඩු ටිකෙන් නිදහස්වෙලා ඡන්දෙ කිට්ටු වුණාම නැවත සජිත්ට හේත්තු වේවි. කරුණාකර පක්ෂ, පාට කුමක් වුණත් මොහුට මනාපෙ ගහන්න එපා. දේශපාලනයෙන් එළවා දමමු.

:       3       18

විජේ Saturday, 19 November 2022 04:20 PM

ළමයෙක්ට බොන්න බෙහෙත් පෙත්තක් නැතිගාණට රට ඇරලා දැන් එනවා ගංජා විකුණන්න. බෙහෙත් වලින් හොරාකාපු සල්ලිවලින් දශමයක් දුන්නා නම් ඔහොම දඟලන්න ඕනේ නෑ.

:       4       15

Daya Saturday, 19 November 2022 11:13 PM

හිතවත් වෛද්‍යතුමනි. රටේ තත්ත්වය ගැන මට කණගාටුයි. ඔබ ගැන යම් යම් පුවත් සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා මම දැක්කා. මේ වෙලාවේ රජයට සහයෝගය දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. රනිල් කියන්නේ මේ වෙලාවේ රටට යහපතක් කරන්න පුළුවන් දක්ෂ නායකයෙක්. එහෙම නම් ඔබේ ගමනට සුබපතමි...

:       0       2

Ratawasiyek Sunday, 20 November 2022 12:31 AM

මේ මිනිස්සු ආයේ පාර්ලිමේන්තු නම් යවන්න චන්දෙ දෙන්න එපා. දැන් ඇති හොඳටෝම. දකිනකොටත් එපාවෙනවා.

:       1       0

R.Saparamadu Sunday, 20 November 2022 06:17 AM

ලැජ්ජා නැතිකම මහමුදලි කමට වඩා ලොකුයිලු...!

:       1       0

Bamunuarachchi Sunday, 20 November 2022 11:08 AM

ඇමැතිතුමා නොව මන්ත්‍රී පුතා කංසාවලට කැමැති බව ඒ දවස්වල පුත්‍ර රත්නය මද පවනේ කතා කරනකොට අපි දැනගත්තා. කිඹුල් කතාව එන්න ඇත්තේ රස බලපු වෙලාවක වෙන්න ඕනේ....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site