(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ කමිටු තුනකට මන්ත්‍රීවරුන් හයදෙනෙකු අලුතින් පත් කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) දයාසිරි ජයසේකර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුද රජයේ ගිණුම් පිළිබද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) ප්‍රසන්න රණවීර සහ එස් වේලු කුමාර් යන මන්ත්‍රීවරුද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ආචාර්ය නාලක ගොඩහේවා සහ සුමිත් උඩුකුඹුර යන මන්ත්‍රීවරුද පත් කෙරෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd