(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව ඡන්දය කල් දමා ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි කරන බව මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පළාත් පාලන ආයතන වල සභික ධුර සංඛ්‍යාව දැන් වැඩි යැයි පැවසුවත් එම ධූර වැඩි කිරීමට පියවර ගත්තේ වර්තමාන අගමැතිවරයා පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිටියදී බව සිහිපත් කළ මන්ත්‍රීවරයා ඡන්ද කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නො දෙයක් නොවන බවද සඳහන් කළේය.

පීරිස් මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීම පිළිබඳ විවාදයේදීය.