(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ට කපුටා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම කැත පහත් වැඩක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"ඔයා කතා කරන මන්ත්‍රීතුමාත් කාලයක් කපුටා පස්සේ ගියා" යැයිද ඔහු සඳහන් කළේය.
රණතුංග මහතා මෙසේ පැවසුවේ අයවැයට පෙර කපුටා ලංකාවට එන බවට සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශයෙන් අනතුරුවය.
අද මෙතන කතාකරන මන්ත්‍රීවරුන්ගේ පියවරුන් ඇතුළු ඥාතීන් මේ පාර්ලිමේන්තුවේ සිටි බවත් ඒ අය වගකීම ඉටු කළා නම් රටට මෙවැනි තත්ත්වයක් උදා නොවන බවත් රණතුංග මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියවරු රටට යුතුකම් කරනවා වෙනුවට පවුලට කරපු නිසානේ පුතාලා සෙට්එක දියවන්නාවට ඇවිත් ඉන්නේ... කපුටා නොවේ කියන්න ඕනේ. බහිරවයින් කියලා..
විභාග මංකොල්ල කන කප්පන් ගන්න පගා මරුවෙක් තමයි...
ඔවුන්ට කපුටන් යැයි කීම ඉතාම පහත් ක්‍රියාවක් තමයි. කියන්න ඕනේ පට්ටපල් හොරු කියලා.
මේ කට්ටියට ආමන්ත්‍රණය කිරීමට සුදුසුම වචනය මේක තමයි. සියලු කපුටන්, මන්ත්‍රීවරුන් නොවුණාට සියලු මන්ත්‍රීවරුන් කපුටු රජවරුන්ය...
කපුටා එනවා... බයියෝ රජ කරලා කොල්ල කන්න. ෂූ….ෂූ….. යවපල්ලා..
‘‘කපුටා‘‘ යනු ගිජු ලෙස සෑම දෙයක් දිහාම බලන සතෙකි. ඔය 225ම බලන්නෙත් ඒ ආකාරයටම නේද? ගිලින්න පුළුවන් මොනවාද? ඒ සෑම දෙයක්ම ගිලගන්න දඟලන්න පෙරේත කට්ටියකට කපුටා කීමේ වරද කුමක්ද?
තමුන්ගේ පියත් හරියට වගකීම් සහ යුතුකම් ඉටු කරපු නිසානේ පවුලේ අය ඔක්කෝම දේශපාලනේට රිංගාගෙන බඩ වඩා ගත්තේ...
කපුටා නම පටබැඳගත්තේ ඔහු විසින්මය. ඔය නම හොඳට ගැලපෙනවා. නොදන්න දෙමළෙට ගොස් වරිගෙ නහගත්තා කියලා කතාවක් තියෙනවා. මොහුත් නොදන්න ඉංග්‍රීසි කතාකරන්න ගොස් අමාරුවේ වැටුණා.
කපුටාට කපුටා නොකියා ... මොනවා කියන්නද? එහෙම නැතිනම් සිවුරු හොරා හෝ කප්පම්කාරයා කියන්නද? මම නම් ඔබට කියන්නේ කප්පම් කාරයා කියලා. ඒ බව සනාථ කර ඇත...
කපුටා නම කපුටන්ට අපහාසයක්.. ඒ මනුස්සයා ඒ තරමට මේ රට විනාශ කළා. ඒ අයට උල්පන්දම් දුන්නේ කප්පම්කාරයෝ... කොහොමත් ප්‍රසන්න කැමතියි නේ ඔය කපුටා, කප්පම්කාරයා වැනි වචනවලට....
කපුටා කියන එක හොඳ නැත්නම් කාක්කා කියන නම වඩාත් සුදුසු යැයි යෝජනා කරමි...
කපුටෙක් මෙන් ගසා කෑමට සූරවූ කියලා ධර්මයේත් සඳහන් වෙනවා. කපුටා නම ඒ නිසා ගැලපෙනවා. හා හා හා..
කපුටා කියන එක කැත පහත් වැඩක් නම් සත්තුත් ගේ නම් කියලා පාර්ලිමේන්තුවේ කතාකරන, ,හැසිරෙන විදිය හොන්ද ඇති නේද ?
ඔයාලට තරහා යන්නේ එයාට කපුටා කියපුවම.
ලංකාවේ ලග්නය කුම්භ කියලා අහල තියෙනවා. ඒකෙ අයිතිකාරයා නැත්නම් අධිපති සෙනසුරා කියලයි කියනවා ඇහුනේ. ඒ සමගම ඇහුණා. ලබන ජනවාරි මාසයේ සෙනසුරා (ලග්න ස්ථානයට) තමන්ගේ ගෙදර පදිංචියට එනවා කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා කවුරුත් කියන්නේ නැහැ. ඉතින් සෙනසුරු පදිංචි වෙන්න ඉස්සෙල්ලා ඇවිත් නිවසේ වටපිටාව පිරිසිදු නොකළත් ගෙදරට එන්න පාරවත් හදන්න ඕනෑ නේද? ඉතින් සෙනසුරුගේ වාහනය තමයි කපුටා, කපුටා එනවා කියන්නේ... කවුරු එනවා කියලාද ඔහේලාට හිතෙන්නේ....?
ඕවට කේන්ති ගන්න එපා අපිත් කියන අයට නම් හදමු. 1960 කාලයක් එජාපයින්ට බත්ගොට්ටන් කියලා කිව්වා මතකද? ඇයි ඔබ ජෙප්පන්ට නමක් හැදුවා නේද? අපි ඒකට ප්‍රසිද්ධියක් දෙමු...!