IMG-LOGO

අන්තරේ පා ගමන වැලිකඩ බන්ධනාගාරය අසලින් අවසන්

(ඩයනා උදයංගනී)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා සිවිල් සංවිධාන එක්ව කොළඹ නගරයේ දී අද (18) දැවැන්ත විරෝධතා පා ගමන් දෙකක් පැවැත්වූ අතර, වැලිකඩ බන්ධනාගාරය දක්වා පැමිණි පිරිස ඉන් අනතුරුව විසිර ගියහ.

එම එක් පා ගමනක් තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලින් ආරම්භ වූ අතර, අනෙක් පා ගමන ආරම්භ වූයේ නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අසලිනි.

මෙම පා ගමන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කොළඹ මල් පාර අසලදී හා නෙළුම් පොකුණ රඟහල අසලදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරද එල්ල කරනු ලැබුවත් විරෝධතාකරුවෝ ඒවා නොතකා වැලිකඩ බන්ධනාගාරය දක්වාම ගමන් කළහ.

අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ නාම පුවරුව සහිත කෙටි තාප්පය මතට ගොඩ වූ අන්තර් විශ්ව විද්‍යාලයීය වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොඩ්රිගෝ මහතා රැස්ව සිටි පිරිස ඇමතීය.

“කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලින් අපිව නවත්වන්න බැරි බව අද අපි ඔප්පු කළා. වසන්ත සහෝදරයා සහ සිරිධම්ම හිමියන් දින 90ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීමෙන් පසු දැන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර හෝ තවත් කාලයක් තබාගැනීමට උත්සාහ කරනවා. ඔවුන් නිදහස් කරන තුරු අපේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.” යැයි ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විශාල පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබුණත්, පා ගමන අවසන් කෙරුණු බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය ආසන්නයට පොලීස් කණ්ඩායම් ළඟා වූයේ ශිෂ්‍ය නායකයින්ගේ කතා අවසන්වීමෙන් පසුවය.

මෙම පා ගමන් හේතුවෙන් කොළඹ නගරයේ බේස්ලයින් පාර, ගාලු පාර, බෞද්ධාලෝක මාවත ඇතුළු මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ද පැවතිණි. 



අදහස් (9)

අන්තරේ පා ගමන වැලිකඩ බන්ධනාගාරය අසලින් අවසන්

Bamunuarachchi Friday, 18 November 2022 07:02 PM

බොරැල්ලේ කනත්ත අසලින් අවසන් කළා නම් තමයි හරි... මොකද වැඩිකල් යන්න කලින් ඕගොල්ලෝ හීන් කෙඳිරියක් එක්ක ඔතැනින් අවසන් ගමන යනවා. ගමේ කනත්තෙන් අවසන් ගමන් යනවා වගේද බොරැල්ල කනත්තෙන් අවසන් ගමන් යැම නේද?

:       26       85

Kurutto Friday, 18 November 2022 08:43 PM

පුදුම කරුමක්කාරයෝ රැලක්. හවස වැඩ ඇරිලා ගෙදර යන මිනිස්සු මුන් නිසා කොච්චර වදයක් වින්දද අද. වැඩි දවස් යන්න කලින් රටේ මිනිස්සු එකතු වෙලා මුන්ට ගහලා එලවන්නෙ.

:       1       46

Dinesh Wellawa Friday, 18 November 2022 09:47 PM

Jaya wewa! Release Wasantha and Siridamma! Next gen leaders. Some of comments on this news highlighted how some slaves in the country trying to blame on student! It’s a shame on Ranil- Rajapaksa regime who bankrupted this country. They even don’t know what is the definition of terrorism . These students held under PTA act which have been declared by UN human rights councils as anti democratic and dangerous act in 2022 Feb 15. On the other hand Ranil was just nominated by the parliament as a result of peoples movements. How can Ranil become the president? He had allegations by Batalanda commission, he had allegations on Central bank treasury b bond scam, he had allegations behind Easter Sunday attacks killing 270 Sri Lankan? Who is going to get him into question or custody? . Now the Ranil_Rajapsksha regime has plan to make unrest among people! This is the plot! So now the accumulated foreign Debts alone is 100 bn $. Well done Ranil-Rajapaksa supportes.

:       40       0

Lal Friday, 18 November 2022 10:32 PM

Useless Trouble makers ... always on the road shouting

:       0       40

Ashan Saturday, 19 November 2022 06:55 AM

ඔයාටනම් ඔය එකකටවත් යන්න බැරිවෙයි. මොකද ඔය වගේ අය වලලන්ඩ පුලුවන් විදිහට මැරෙණ්නේ නෑ.

:       1       29

BamunuarachchiMonday, 21 November 2022 06:51 PM

අපි දැක්කා 1989 කාලේ මරුන හැටි. ඔලුව එක තැනක පංචස්කන්දය වෙන තැනක.

:       0       0

hussain Saturday, 19 November 2022 09:52 AM

good luck for the all the boys and girls

:       28       1

Bunny Preena Saturday, 19 November 2022 10:06 AM

විරෝධතා කරුවන්ට ඒගොල්ලන්ගේ පාඩුවේ බෝඩ් උස්සගෙන හරි, කාට හරි බැණගෙන හරි මහජනතාවට කරදරයක් යන එන වාහන වලටකරදරයක් බාධාවක් නැතුව යන්න දුන්න නම් ඉවරයිනේ. පොලිීසිය බලෙන් හොට දාලා කඳුළු ගෑසුයි, වතුරයි ගහලා නිකම් මුදල් නාස්ති කරනවා.

:       25       2

Sriyan Lanka Saturday, 19 November 2022 04:55 PM

අපගේ මව්බිම මෙන්ම තරුණ පරම්පරාව විනාශ කරන්නා වූ මේ අලස හැතිකරයේ සොහොන් කොත් වලටත් ජාති ජාති පාසා හෙන ගසනු ඇති... යමෙකු විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහායි. එහෙත් මෙම සාහසිකයින් විශ්ව විද්‍යාලයට පැමිණ ඇත්තේ තරුණ ජීවිත බිළිගැනීමටත් ආචාර්ය මණ්ඩලයට පාඩම් ඉගැන්වීම බවත්ය. මව්රට වෙනුවෙන් තමන්ගෙන් ඉටුවූ සේවය කුමක්දැයි මෙම මාරයින් තමතමන්ගෙන් ඇසිය යුතුව ඇත...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site