බැසිල්ට කොවිඩ් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි. 15 April 2022
රජයට විරෝදය පා එතෙර අවුරුදු උත්සව නවත්වයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව රැසක් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදේශවල සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති. 15 April 2022
නව කැබිනට් මණ්ඩලය 18 දිවුරුම් දෙයි? නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 15 April 2022
ගෑස් සඟවා අලෙවි කරන්නට ගොස් වැඩ වරදී වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 230 ක් අද (15) පස්වරුවේ සොයාගත් බවත්,ගැස් සිලින්ඩර් සගවා තැබිමේ චෝදනාව යටතේ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය. 15 April 2022
අත්අඩංගුවට ගත් සැරයන්ට ඇප මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළැයි කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා රුපියල් ලක්ෂ 3 ක් බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (15) නියෝග කළේය 15 April 2022
ජල ටැංකියට වැටී පිය-පුතු මරුට බටදුව පිහිටි සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ජල ටැංකියට වැටි එම කම්හලේ 37 හැවිරිදි විධායක නිලධාරියෙකු සහ ඔහුගේ නව හැවිරිදි පුතා අද(15 ) මියගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 15 April 2022
ගාලුමුවදොර විරෝධතාවයට සතියයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සතියක් සම්පූර්ණ වී තිබියදීත් ආහාර පාන ඇතුළු සියලුම පහසුකම් අඛණ්ඩව ලබමින් තිබෙන බව එම ස්ථානයේ සිටින විරෝධකරුවෝ පවසති. 15 April 2022
‘නියෝජ්‍ය කතානායකවරයකු පත්කිරීම ලබන මාසයේදී‘ නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම පාර්ලිමේන්තුවේදී ලබන මස 4 වෙනිදා සිදුකෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 15 April 2022
ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි ? ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. 15 April 2022
ඉන්ධන ලබාදීමත් සීමා කරයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 15 April 2022
‘මැණික් කෞතුකාගාරයක් හදන්න ගිය ලක්ෂ 40 ක් වතුරේ‘ රත්නපුර ප්‍රදේශයේ කුඩා මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැය කෙරුණු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 15 April 2022
’’ජනපති හිමිකම් පනත අහෝසි කරනවා නම් හොඳයි’’ හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 15 April 2022
‘ශ්‍රී ලංකන් ගුවන් සමාගම යානා 21 ක් බද්දට ගැනීමේ සූදානමක්‘ ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම පවසයි. 15 April 2022
උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් කියන කතාව ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි. 15 April 2022
අවසර නැතුව කෑන්වලට ඉන්ධන දෙන්නෙ නෑ අනුමැතිය ලැබූවන් හැර සෙසු පුද්ගලයන්ට බූලි සහ කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවූ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පැවැසීය. 15 April 2022
ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා ඉවත් විය යුතු යන ස්ථාවරයේ කතෝලික සභාවද සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ. 15 April 2022
පළාත් රැසකට අදත් තද වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 April 2022
තරුණ පිරිසට සහාය දෙන්න අති විශාල පිරිසක් ගාලු මුවදොරට ජනාධිපතිවරයාට සහ රජය ඉවත් වන ලෙස ඉල්ලමින් හයවැනි දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට අද (14) රාත්‍රියේ ද විශාල ජනකායක් එක්ව සිටියහ. 14 April 2022
ඉන්ධන වැඩි මිලට විකුණා මාට්ටු ඉන්ධන පිරවුම්හලින් ලබාගත් පෙට්ට්‍රල් ලීටර් 800 ක් පමණ වැඩි මිළට අලෙවිකරමින් සිටි පුද්ගලයකු අම්බලන්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 14 April 2022
ගෑස් ටොන් 8500 ක් ලැබීමට නියමිතයි ගෑස් මෙට්‍රික්ටොන් 8500 ක තොගයක් ඉදිරියේ දී ලිට්රෝ සමාගමට ලැබීමට නියමිත බවත් ගෑස් නිෂ්පාදන කටයුතු නැවත ලබන 18 වෙනිදා සිට ආරම්භ කරන බවත් ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයත් නිකුත් කරමින් පවසයි. 14 April 2022
විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා ලබන සතියේදී කතානායකට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝග යෝජනාව සහ විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී ( පාර්ලිමේන්තු සතියේදී ) කතානායකවරයාට බාරදීමට අපේක්ෂාවෙන් සිටින බව සමගි ජන බලවේගය පක්ෂය පවසයි. 14 April 2022
නිල ඇඳුමින් විරෝධයට ආ පොලිස් සැරයන්ට විනය පියවර ගාලු මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධයට පොලිස් නිල ඇඳුමින් එක්ව සිටි පොලිස් සැරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. 14 April 2022
තවත් කොවිඩ් මරණයක් කොවිඩ් ආසාදිත වූ තවත් අයකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 April 2022
කොවිඩ් ආසාදිතයන් 27 ක් කොවිඩ් ආසාදිතයින් තව 27 දෙනෙක් අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 14 April 2022
‘‘මිලාන් කන්සියුලර් තනතුර ගැන අවසන් තීන්දුවක් ගෙන නෑ‘‘ ප්‍රවීන විකට නළු බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරයා ලෙස පත් කිරීමට තීරණයක් ගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 14 April 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් බිලියන 4ක් අපෙක්ෂාවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 14 April 2022
ආණ්ඩුවට අදත් තැන තැන විරෝධය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව වහා ඉවත්වන ලෙසත් ජනතාවට සහන සලසන ලෙසත් ඉල්ලා දිවයිනේ විවිධ නගර වලත අලුත් අවුරුද වූ අද දින විරෝධතා සහ පෙළපලි පැවැත්විණි. 14 April 2022
වල්අලි ප්‍රහාරයෙන් තරුණයා මරුට අරලගංවිල, දිවුල්දමන, අරුණපුර ප්‍රදේශයේදී වන අලියකුගේ පහරකෑමට ලක්වූ 22හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 14 April 2022
හොර නෝට්ටු සමග තරුණයා මාට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු 42 සමග තරුණයෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 April 2022
රවීන්ද්‍ර රන්දෙණියත් කලකිරීමෙන් තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි. 14 April 2022
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026