හොරු ජෝඩුවකට ගම්මුන්ගෙන් ගුටි වරුසාවක් නත්තන්ඩිය නගරයෙන් කුලි ගමනක් යන මුවාවෙන් 10 දින දහවල් ත්‍රි4 රෝද රථයකට නැගි අතර මගදී රියදුරුගෙ ගෙලට ලණූවක් දමා සිරකර පිහියෙන් ඇණ රථය සොරා ගැනිමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට තවත් ස්ථානයකදි යතුරු පැදියක් සොරකම් කිරීමට යාමේදි ගම්වාසින් විසින් පොලිසියට භාර දී ඇති බව ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි. 11 October 2022
ආරක්ෂාව තර කළ යුතු අංශ තුනක් ගැන ජනාධිපති කියයි රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 11 October 2022
තිළිණගේ සිර මැදිරියෙන් දුරකතන දෙකක් සොයාගනී ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර් යාලයක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය භාවිත කළ ජංගම දුරකතන දෙකක් සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 11 October 2022
බැදුම්කර නඩුව පවත්වාගෙන යන්න බෑ: විත්තියේ විරෝධතාව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පිළිගනී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර් ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දහදෙනකුට එරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (11) පිළිගත්තේය. 11 October 2022
විභාග දෙපාර්තමේන්තුව ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක් තියලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් මේ දක්වා විභාග දෙපාර්තමේන්තුව ගෙවා නැතැයි වාර්තා වේ. 11 October 2022
උත්තර පත්‍ර පරීක්ෂක අයදුම් මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ උත්තර පත්‍ර පරික්ෂකවරුන් තොරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 11 October 2022
ගෝලීය අර්බුද හමුවේ ලංකාවට සහන අවශ්‍යයි දිනෙන් දින උග්‍ර වන ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 54 කට දැඩි ණය සහන අවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අද (11) නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දුන්නේය. 11 October 2022
ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. 11 October 2022
කැබිනට් ඇමතිවරු 22ට පක්ෂයි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති නිසා කැබිනට් ඇමතිවරු ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 October 2022
විදුහල්පති මව සමග උරණවී දරුවන් තිදෙනා පාසලෙන් පන්නලා මවක, විදුහල්පතිවරයා සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙයි. 11 October 2022
ලෝක ගුරු දිනය දා ගුරුවරුන්ගෙන් අමුතු නාට්‍යයක් ලෝක ගුරු දිනය නිමිත්තෙන් මීගමුව පාසල පැවැති උත්සවයකදී ගුරුවරුන් හා ගුරුවරියන් අශෝභන ලෙස නර්තණයක යෙදුණු බවට මීගමුව කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇත. 11 October 2022
පෝර කතාවට සජිත් - අනුර නෑ යූරියා පොහොර ටෙන්ඩරය පිළිබඳ විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට සාකච්ඡාවක් සඳහා ආරාධනය කළත් එම පාර්ශව සහභාගී නොවීම සම්බන්ධව කණගාටුව පළ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 October 2022
දුම්රිය ප්‍රමාදයට හේතුව හොයන්න සී.අයි.ඩියට මේ දිනවල සිදුවන දුම්රිය ප්‍රමාදයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ද යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පවත්වන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 October 2022
ඡන්දෙ කල් දැම්මට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පලකොට ඇති අදහස ජනතාවගේ පරමාධිපත්‍ය බලයට බරපතළ අභියෝගයක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. 11 October 2022
පේරාදෙණි සරසවි සිසුවෝ මනෝ උපදෙස් පතති පේරාදෙණිය සරසවියේ ආරම්භ කළ මනෝ උපදේශන සේවාවෙන් සහාය ලබා ගැනීම සඳහා මාස දෙකක් වැනි කාලයක දී සිසු සිසුවියන් 140 දෙනකු සේවය ලබාගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී චන්දිමා හේරත් මහත්මිය පැවසුවාය. 11 October 2022
රනිල්ගෙ ප්‍රකාශයට ඩලස්ගෙන් පිළිතුරක් ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මැතිවරණ සිතියම හකුලා දැමීමේ උත්සාහයේ ඉඟියක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 11 October 2022
බොරතෙල් මිලෙහි අඩුවීීමක් ඔපෙක් ප්ලස් සංවිධානය බොරතෙල් මිල ස්ථාවර කිරීමේ අරමුණින් අපනයනය කරන බොරතෙල් බැරල් මිලියන 2 ක් කප්පාදු කිරීමට ගත් තීරණයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට ක්ෂණික බලපෑමක් එල්ල වේ යැයි ඇතැමුන් මත පළ කළ නමුත් එය එසේ නොවූ බව විශේලේෂකයෝ පවසති. 11 October 2022
වවුනතිව් සූර්ය පැනලය නව පිටුවක් පෙරලයි මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ කළ සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවිකළ සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) පෙරවරුවේ විවෘත කළේය. 11 October 2022
’’ජල පොල්ල’’ කෝටි 620 ට නගී රට පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 620 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසෙයි. 11 October 2022
තවත් කඳුකර කොටියකු මද්දකට බිලි නුවරඑළිය, රාගල, හයිෆොරස්ට් ප්‍රදේශයේ කම්බි මදුවකට හසුව මිය ගොස් සිටි කඳුකර කොටියකුගේ සිරුරක් ඊසොයා ගත්බව වනජීවී නිලධාරීහු පවසති. 11 October 2022
පොලිසිය විරෝධතාව නතර කළැයි පොලිසියට පැමිණිල්ලක් නීතිඥායන් සහ වෘත්තිකයන් ගාලුමුවදොරදී ඊයේ (10) පැවැත්වූ සාමකාමී විරෝධය සහ පාගමන පොලිසිය නීතිවිරෝධීව නතර කිරීමට සම්බන්ධයෙන් නීතිඥායන් ඇතුළු පිරිසක් කොටුව පොලිසියට අද (11) පෙරවරුවේ පැමිණිල්ලක් කර තිබේ. 11 October 2022
රුහුණු සරසවි වෛද්‍ය පීඨ සිසුන් 263කගේ පන්ති තහනම් රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් එහි වෛද්‍ය පීඨයේ සිසුන් 263 දෙනකුට කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පැවසීය. 11 October 2022
යහළුවාගේ විහිළුවෙන් පේමන්ට් එකේ සිටි තුනක් යටවෙයි පිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළඳ සැලක් ඉදිරිපිට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල බව පිටකොටුව පොලීසිය කියයි 11 October 2022
ජනතාවට උත්තර දෙන්න රාජ්‍ය ආයතනවලට රෙගුලාසි මාලාවක් ජනතාව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ. 11 October 2022
ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 11 October 2022
රියදුරු බලපත්‍රය වෙනස් වෙයි දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 11 October 2022
’’කතානායක පුටුව අපටත් ඕනෑ’’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායක හෝ නියෝජ්‍ය කතානායක තනතුරුවලට පත් කිරීම සඳහා කෝටාවක් ඇති කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර ඇත. 11 October 2022
උප තැපැල් ලොක්කියන්ට වාසියක් උප තැපැල් ස්ථානාධිපතිවරියක ප්‍රසූත නිවාඩු ලබාගැනීමේදී තම වියදමින් ආදේශකයකු සේවයේ යෙදවිය යුතු අතර, ඒ සඳහා ඔවුන්ට දින 30ක් සඳහා ගෙවන ආදේශක දීමනාව දින 84ක දීමනාවක් දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 October 2022
උණු කල්දේරමකට වැටී සිරකරුවෙක් මියයාම ගැන මානව හිමිකම් විමර්ශනයක් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙක් පිසින ලද ව්‍යාංජනය සහිත උණු කල්දේරමකට වැටී පිළිස්සුම් තුවාල ලබා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව මානවහිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොමිසම් ආරංචි මාර්ග පවසයි. 11 October 2022
තවත් රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධ කරන්න යයි ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ එක් ආයතනයක් ලෙස ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 October 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026