(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශපාලනය නොදන්නා සහ නොතේරෙන ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙන ඒම ගැන වියතුන් වගකිවයුතු බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙනාවේ තමා නොවන බවත් ඔහු ගෙන එන්නැයි  රටේ වෙනත් හඬක් මතුවුණු බවත් හෙතෙම සඳහන් කළේය.

තමාටත් ඔහුට වැඩ කිරීමට සිදු වූයේ ඒ හඬ පැමිණි පසු බවද මන්ත්‍රීවරයා කීවේය.

ලංසා මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ  විවාදයේදීය.