(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැයේ තිබුණේ අතීත විලාප සහ අනාගත මනෝ රාජ්‍ය පමණක් බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට කිසිම විසඳුමක් නැති බව කී මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අතරින් පතරවත් අප්පුඩියක් ගහගන්න අවස්ථාවක් නො තිබුණු අය වැයක් බවද සඳහන් කළේය.

ආණ්ඩුවට මිනිසුන්ගේ ප්‍රශ්න ගැන අවංක හැඟීමක් තිබුණා නම් බැංකු ණය ගෙවා ගන්න  බැරිව සිටින මිනිසුන්ට කුමන හෝ සාධාරණ ක්‍රමවේදයක් සලසන්න තිබු බවද ණය අරගෙන ආණ්ඩුවට වෙච්ච දේම අද ජනතාවට සිදු වෙලා තිබෙන බවද ගයන්ත කරුණාතිලක මහතා කීය.