(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ  දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 සුවසැරිය වෙනුවෙන්  මිලියන 220 ක අත්‍යවශ්‍ය වියදමක් කළ යුතුව තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සුවසැරිය ගිලන් රථ සර්විස් කර ගන්නටවත් නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවයි.

වෙළඳපොලේ වාහන උපාංග හිඟයක් ද   පැවතීම අදාල ගිලන් රථ අලුත්වැඩියා කටයුතු සඳහා බලපානවා විය හැකි බවද සේමසිංහ මහතා කීය.