ලෝකයේ ලොකුම ගෝල්ඞ් ෆිෂ් අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයකු සමත්ව ඇතැයි නිව් යෝර්ක් පොස්ට් පුවත්පත වාර්තා කරයි.
මෙම යෝධ තැඹිලි පාට ගොල්ඞ් ෆිෂ් ‘ද කැරට්’ ලෙස නම් කර ඇත. යෝධ මාළුවා බරින් කිලෝ ග්‍රෑම් 30 ක් පමණ වන අතර, ලොව විශාලතම ‘ගෝල්ඞ් ෆිෂ්’ මාළුවා ලෙස හඳුනාගෙන සිටි මාළුවාට වඩා බරින් කිලෝ ග්‍රෑම් 13 ක් බරින් වැඩි බව නිව්යෝර්ක් පොස්ට් පුවත්පත පෙන්වා දී තිබේ.
42 හැවිරිදි ඇන්ඩි හැකට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ප්‍රංශයේ ‘බ්ලූ වෝටර්’ විලේ මසුන් අල්ලමින් සිටියදී මෙම මාළුවා අසු වී ඇත.
කෝයි සහ ලෙදර් කාෆ් මසුන් දෙවර්ගයේ දෙමුහුම් ප්‍රභේදයකට මෙම මාළුවා අයිති වන බව නිව් යෝර්ක් පොස්ට් පුවත්පත පැහැදිලි කර ඇත.
මෙම මාළුවා අල්ලා ගැනීම සඳහා විනාඩි 25 ක් පමණ වෙහෙස වීමට සිදු වූ බව ඇන්ඩි ප්‍රකාශ කර ඇත.
තවමත් මෙය නිල ලෝක වාර්තාවක් නොවූවත් ලෝක වාර්තාව උසුලන මාළුවාට වඩා කිලෝ ග්‍රෑම් 13ක් බරින් වැඩි බැවින් මෙම මාළුවාට පවතින ලෝක වාර්තාව බිඳ දැමිය හැකි බව නිව්යෝර්ක් පොස්ට් පුවත්පත පෙන්වා දී තිබේ.
(නිව්යෝක් ටයිම්ස්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විලෙන් මතුවුණු ගෝල්ඞ්ෆිෂ් යෝධයා
suneth hemantha Tuesday, 22 November 2022 02:20 PM
මේ මාළුව ගෝල්ඩ් ෆිෂ් මාළුව වාගෙ නෙවෙයි. මෙයා ගොල්ඩන් කාෆ් වගේ
DM Tuesday, 22 November 2022 02:54 PM
මොකටද ඌව අල්ල ගත්තේ? ඒ මාළුවට නිදහසේ ඉන්න දුන්න නම් ඉවරයිනේ.