(නිමල කොඩිතුවක්කු)

පාසල් ළමුන් වෙනුවෙන් ආණ්ඩුවට සාධනීය පිළිතුරක් නොමැති වුවත් විපක්ෂ නායකවරයා ලෙස තමා ළඟ ඊට විසදුම් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමා විපක්ෂ නායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කර ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

පසුගිය වසර 74ක විපක්ෂය නොකළ කාර්යභාරයක් ඉටුකිරීමට තමන්ට හැකි වූ බවත් ඇතමුන් “උනුත් එකයි මුනුත් එකයි” යනුවෙන් ප්‍රකාශ කළත්  තමා ඇතුලු විපක්ෂය හාත්පසින්ම වෙනස් බවත් සමගි ජනබලවේගයේ දැදිගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමික් ඔහු පැවසීය.

ජනතාව පීඩනයෙන් අසහනයෙන් මිරිකී ගොස් ඇති මොහොතේ  ඉදිරිපත් කළ අයවැයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, ජනතාව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන බව තහවුරු වූ බවත් විපක්ෂනායකවරයා කීවේය.