(අංජුල මහික වීරරත්න)

විදේශ ආධාර මත ඇමරිකා ඩොලර් 367,550ක් (ශ්‍රී ලංකා රුපියල් 133, 604, 425) වටිනාකමකින් යුත් දෙමුහුන් බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක තොගයක්  අද (22) පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UNDP) විසින් ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව නඟා සිටුවීම සඳහා කරන ලද මැදිහත් වීම මත, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අදාල පරිත්‍යාගය  කර තිබේ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති POJ HARNPOLL, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත HANNAH SINGER, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත MARLIN HERWIG, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.