(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානී ෆිලිප් ලූසී  (Phillip Loosli) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

දේශගුණික මූල්‍යකරණය, තාක්ෂණික සහාය, තිරසාර වර්ධනයන්, දේශගුණික විපර්යාස පිළිබඳව දැනට පවතින අත්දැකීම්, දේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර ප්‍රයත්නයන් සහ විශ්ලේෂණයන් පිළිබඳව මෙහිදී වැඩිදුරටත්  සාකච්ඡා  කළ අතර, දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු විය. 

මෙම අවස්ථාවට සන්දිත් සමරසිංහ, සජන සූරියආරච්චි සහ දිනූක් කොළඹගේ යන නිලධාරීහුද එක්ව සිටියහ.