(මනෝප්‍රිය ගුණසේකර)
අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී.අයි. බට මිලදී ගෙන රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කොන්දේසි සහිත විත්තිකරුවන් ඇපමත මුදා හැරීමට නියම කළේය
රුපියල් 20000/- බැගින් වූ මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තුරු අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ බාරයට ගැනීමටද නියම කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී මෙම වරද කළැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස ඇප නියම කරන ලද්දේ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ හා එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්තුරුන්ටය.
COMMENTS