(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සුබසාධක දීමනා කිසිවක් කප්පාදු කරන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ මොහොත වන විටත් දරිද්‍රතා සංගනයක් සිදුවෙමින් තිබෙන අතර ක්‍රමානුකූලව නිවැරදි දත්ත සහිතව එය කළ පසුව ඉදිරියේදී ජනතාවගෙන් නැගෙන මැසිවිලි නතර වනු ඇතැයි ද වැඩිහිටියන් වෙනුවෙන් ලබාදෙන දීමනා, ආබාධිත දීමනා, රෝගීන් වෙනුවෙන් ලබාදෙන දීමනා ,ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙන ජනතාවගේ දීමනා කිසිවක් කප්පාදු කරන්නේ නැතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දෙසැම්බර් දක්වා මාස හතක කාලයක් අප අතිරේක දීමනාවක් ද ලබා දෙන අතර එම දීමනාව ජනවාරි සිට අප්‍රේල් දක්වා ඒ ආකාරයෙන්ම ලබා දෙන බවද ශෙහාන් සේමසිංහ මහතා කීය.
COMMENTS
මේ සුභසාධන දීමනා ආකල්පයෙන් එලියට ඇවිල්ලා, නිෂ්පාදන ආර්ථිකයට යන අයවැයක් ඉදිරිපත් කරන්න.