(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පහසු ඇඳුම් චක්‍රලේඛය නිසි පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමු කරමින් ගුරුවරුන් කිහිපදෙනෙක් සාරියෙන් තොරව විවිධ ඇඳුම් වලින් පාසල් පැමිණි අයුරු දුටු බවත් මෙහෙම කරන අයට ගන්නා පියවර කුමක්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.
කොරෝනා සමයේ රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන එන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛ නිකුත් කර තිබූ බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය සේවකයන් යැයි කී විට ගුරුවරුන් ද ඊට අයත් වන බව සඳහන් කළේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නව චක්‍රලේඛය ඉදිරිපත් කළ පසුව ඇතිවන තත්වය ගැන බලමු යැයි කී අධ්‍යාපන අමාත්‍යවරයා පහසු ඇඳුම් ඇඳගෙන පැමිණ සිටියා යැයි කියන ගුරුවරුන්ගේ රූප රාමු දුටු විට ඒවා පාසල් වල දී ගත් රූප රාමු නොවේ යැයි හැඟී ගිය බවද කීය.
COMMENTS
කරුණාකර ඔවුන්ට සාරි මිලදී ගැනීමට අමතර මුදලක් ලබා දෙන්න
සාරි ඉල්ලන නිකං ඉදන් දන් වලදන අයට නම් සිවුරු විතරක් නොවෙයි අනෙක් හැම දෙයක්ම නොමිලේම ලැබෙනවා.
ගුරුවරියන් ඔය ඇදිණ විච්චූර්න ඇඳුම ට සාරිය ට වඩා වැඩි වියදමක් යනව. සමහර ඒවා 8000 වැඩියි . පාසලට අඳින්න ඕන සරල සාරිය මිස මඟුල් ගෙවල්වලට අඳින ඒව නෙවෙයි . සමහර ගුරුවරියන් ලිප්ස්ටික් ගාල එන්නේ . ඒව දකින ලමයි ඉගෙන ගන්නෙ නැහැ . ටීචර් ගෙ මෝස්තර බලමින් විහිලුවකට ගන්නවා .
සර්ව බලධාරී ඉට්ටාලිං මාමා නිසා ගුරු මෑණියන් ටීචර් අක්කිලා වෙලා රටේ සමස්ථ අධ්‍යාපනයේම විනය කඩා වැටුණම උන්නැහේ ට නම් NGO වලින් කප්පරක් ලැබෙයි.
ඇත්ත කතාව නම් සමහර ගුරුවරියන් සාරිය අඳින්න දන්නෙ නැහැ . එයාල සාරිය අඳිනව නෙවෙයි එල්ලගෙන එන්නේ .
දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ගුරුවරුන්ගේ සාරි... රටේ තියෙන බරපතල දේවල් ගොඩගන්න ඕනේ...