(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව ලබන වසරේදී කෝටි ලක්ෂ පහක ණය ගැනීමට බලාපොරොත්තුවන බව  ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (22)  පැවසීය.

අද රටේ සිදුවන්නේ ප්‍රභාෂ්වර වලව්වට ආ නාස්තිකාර පුත්‍රයා එහි භව භෝග විනාශ කරමින් කළ විනාශයට සමාන විනාශයක් බවද  ඔහු සඳහන් කළේය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී ය.