(දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන)
අනුරාධපුර, මහඉලුප්පල්ලම පිහිටි රජයට අයත් ක්ෂ්‍රේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීරණය අයත් මහජන දේපල රැසක් විනාශයට පත්ව ඇතැයි ජාතික ගොවි ජන එකමුතුව චෝදනා කරයි.
ක්ෂ්‍රේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය (උප ඒකකය), බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු උප කාර්යාලය ඇතුළු කෘෂි සංකීරණය මහඉලුල්පල්ලම නගරයේ පිහිටා තිබේ.
මෙම ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන්නකි. ජාතික ගොවිජන එකමුතුවේ නිළධාරීන් පිරිසක් හා සත්ව නිෂ්පාදන එකමුතුවේ නිළධාරීන් පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
එහිදී ඔවුන් ගොවිපළ භූමි, සත්ත්ව පාලන අංශය ඇතුළු ස්ථාන රැසක් නිරීක්ෂණය කළ අතර, එහි සේවන් සමඟද ආයතනයේ තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.එ අනුව ඔවුන් ගොවිපළ භූමිය නිරීක්ෂණය කළහ, ගොවිපල භූමියේ වැටවල් වන අලින් කඩා ඇති අයුරු, ඵළ නොදරන පොල්, අඹ ගස් හා වගා නොකර කැලෑවට යට වූ වගා බිම්, වගා වන් සිදු නොකර විනාශ වෙමින් යන දැල් ගෘහ, වසර ගණනකින් ප්‍රථිසංස්කරණය නොකිරීම නිසා ගරා වැටෙමින් පවතින සේවක නිළ නිවාසයන් දැක ගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
True.
අන්න. . අමරවිර ගොයියට පුටුව රත් වෙලා. රෙඩි ලෙෆ්ට් කියලා තෙරිලා තියෙන්නෙ දැන්. .
ඉදිරියෙ සගත ඇතිනොවී ජනතාවට බඩගින්නෙ නොසිටින්න නම් මහඉලුප්පලම් පේරාදෙණිය ගුව බොම්බුවෙල, අඹේවෙල ඇතුලු කෘෂි පර්යේන ස්තානත් තේ රබර් පොල් පර්යේන ආයතන ඇතුලු වගාවට සම්බන්ද සියලු ආයතන වඩිදියුනුකරමින් රැක බලගතයුතුයි.
දැන් ඕකත් විකුණන් කන්න ප්ලෑන් කරයි