(අංජුල මහික වීරරත්න)
කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරීත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් සමඟින් වසර පහක් ඇතුළත රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රජය මෙම පියවර සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියින් විසින් පසුගිය 18 දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කර තිබූ 2023 අය වැය පසු විපරම් සමුළුව අමතමිනි.
“බාධක අභිබවා ඉලක්ක වෙත ළගා වීම" තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ දී රජයට පමණක් නොව, පෞද්ගලික අංශයට ද විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ අරමුණ ව්‍යාපාර කිරීම නොව සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන වැනි ජනතා අවශ්‍යතා සපුරාලීම බව ද අවධාරණය කළේය.
COMMENTS
ඔව් ඔව් .යාලු බිස්නස් කාරයන්ගේ මනදොල සපුරලා .සීනි බදු වංචාවේ දෙවැනි කොටසත් කරන්න යන්නේ .අන්තිමේ අපි බදු ගෙවන්න ඕන උන්ගෙන් නොලැබෙන කොටසත් එක්ක .දැන් ගොඩක් සතුටුයි
නිකං සුරංගනා කතා නොකියා කරන්න පුලුවන් දෙයක් කියන්නකො.
එතකොට රට ගොඩගන්න හොරා කාපුවා හොයන්න ඔිනෙම නැද්ද ?
ඉලක්කය ගොඩක් දුරයි නම් ඒක ටොම් පචයක්..
අනේ මන්දා, ඉස්සෙල්ලාම ඔයා තව අවුරුදු පහක් ජීවත් වෙන්න උත්සහ කරන්නකො, අහිංසක මිනිස්සුන්ගෙ දුක්, සාප, අඳෝනා මැද්දෙ ඔයා, නාකි මයිනා තව වැඩි දවසක් ජීවත් උනොත් - සොභා දහමත් බොරු
ගේම් එකක් වගේ තමයි පේන්නේ...රටට ආදරයෙන් රට දියුණු කරන්න උත්සාහ කරන මිනිහෙක් නෙවෙයි මේ යකා.
රජයේ අරමුණ ව්‍යාපාර කිරීම නොව සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන වැනි ජනතා අවශ්‍යතා සපුරාලීම.. ඔවු මෙය නිවැරදි නැඹුරුවක් , යොමුවීමක්
රේගු බදු නැතිවුනා කියලා එකෙන් ජනතාවට සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ වාසිය කෙලින්ම ගන්නේ ආනයනය කරන්නා සහ වෙළෙන්දා.