
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි .
සැකකරු සමඟ මත්පෙති 3500ක් පොලිසිය බාරයට ගෙන ඇත.
හොරයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට ආදේශකයක් ලෙස පාවිච්චි කරන මත් පෙති වර්ගයක් සැකකරු අලෙවිකරන බවට හිරණ පොලීසියට ලද තොරතුරක් අනුව නිවස වැටලීමේදී සැකකරු මත්පෙති තොගය නිවස පිටිපස සැඟවීමට උත්සාහ දැරූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනාවක් ලැබුවකු බවත් පොලිසිය කියයි.
වයස අවුරුදු තිස් හයක් වන සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදුනා නොගත් මත්පෙති වර්ගයක් නම් එහි වටිනකම රුපියල් ලක්ශ 5 ක් කියන්නෙ කොහොමද ?