(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ ලේඛණ සකස් කර නොර්වේ රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුගෙන් රුපියල් කෝටි 12 කට අධික මුදලක් බැංකු ගිනුම් 23කට බැරකරගෙන වංචා කළ යාපනය ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ජාලගත අපරාධ කොටස්කරුවන් බවට සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකාරියන් යාපනය නාවත්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 34, 30 යන වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනකු බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ව්‍යාපාරිකයෙකු වන තම මියගිය පියාට අයත් රුපියල් කෝටි 100 ට අධික වටිනා මුදල් සහ රන් රන්භාණ්ඩ, විශාල ප්‍රමාණයක් පුද්ගලික බැංකුවක තැන්පත් කර ඇති බවත්. එම මුදල් සහ රන්භාණ්ඩ නීතිමය වශයෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමට යැයි පවසා සැකකාරියන් ඉහත මුදල ගෙන්වාගෙන වංචා කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නෝර්වේ රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයා සැකකාරියන් ගේ මෙම වංචාවට හසු වී 2021 වසරේ ජනවාරි මස සිට ජුලි මස දක්වා කාලය තුළ වරින් වර මෙම මුදල් එවා ඇති බවත් බැංකු ගිණුම් 23 ක ට එම මුදල් බැර කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකාරියන් එම මුදල් ලබාගෙන ඒවා වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තමන් මෙම සැකකාරියන් ගේ වංචාවට හසුව ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව නෝර්වේ රාජ්‍යයේ පදිංචි පුද්ගලයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 12 වංචා කළ සහෝදරියෝ
sharm warn Monday, 21 November 2022 09:39 AM
දැන් මේ ලිපියේ ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්නේ ද්‍රවිඩ පුද්ගලයෙක් කියන එක හංගන්නද ?