(යොහාන් භාසුර)
සුප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු දුම්රිය පාලම් 850 ක් පමණ මේ වන විට අබලන්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කිලෝමීටර 1500 ක් පමණ වන දුම්රිය මාර්ගයේ පිහිටි පාලම් 1375 න් පාලම් 850 ක් හෙවත් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අබලන්ව ඇති බව කී එම නිලධාරියා එම පාලම්වලින් වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රිසී පාලන සමයේ ඉදිරි කළ වසර 100 කට වඩා පැරණි ඒවා බව ද සඳහන් කළේය.
මෙම පාලම් 850 ට ඉපැරණි පාලම් රැසක් ද ඇතුළත්ව ඇති බවත් එම තව දුරටත් විනාශවීම වැලැකත්වීම සඳහා එම පාලම් මතින් දුම්රිය ධාවනයේදී ඉතාමත් අඩු වේග සීමාවක් හදුන්වාදී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
no maintenance only o/t
සුද්දා මේ රට කෑවා. ඔය යක්කු මේ පාලං ටික නොහදා හිටියනම් අද කිසි ප්‍රස්නයක් නැහැ නේද අපේ හාම දුරුවනේ...? මුන්ගෙන් අපි වන්න්දී ඉල්ලන්න ඕනේ අපේ හාමදුරුවනේ කරපු අපරාදෙට.
ලංකාවේ දුම්රිය පාලම් අබලන්, දුම්රිය මාර්ග දිරලා. විශාල දුම්රිය අනතුරුක් ගැන නොබෝ දිනකින් අහගන්න ලැබෙනු ඇත.
සුද්ද පාලම් හැඩුවෙ අපට ආදරෙන් නොවන බව ඇත්ත.. නමුත් එවයින් අපිට ගමනක් යන්න මගක් හැදුනා.. හැබැයි එදා මෙදා තුර පහල වෙච්ච කාලකන්නි පාලක්යො කලේ සුද්දා හදලා දීපුවයින් උන්ගෙ පරපුර පෝනය කර ගනන් එක විතරයි.. නඩත්තු කියලා දෙයක් වුනේදම නැැ.. හම තැනම ක් එකම හානිය. එ හානිය කරන්න පාර කපල දුන්නෙ උන්ට දේවත්වයක් ආරූඪ කරලා දුන්න පුන්නක්කු කන වහල්ලු. . අධි වෙගි මාර්ග වලින් කොහොම ගසා කෑමක් කෑවද කියලා නොදන්නෙ එව පිලි ගන්න අකමැති වහල්ලු විතරයි.. ඩුම්‍රිය මාර්ග සහ මෙ කියන පාලම් නඩත්තු කරන්න කිසිවෙකුට උවමනා වුනෙ නෑ. . හෙමින් දාවනය නෙමෙයි එකින් එක අලුත් වැඩියා කරන්න නෙද ඔන? අයියො මෙ රට.. . අපි පව්. .
බොහෝ තැන් වල කුඩා පාලම් වෙනුවට යකඩ තහඩු (කොරුගේටඩ් ප්ලේට්) මත ගල් අතුරා ධාවනය වන බැවින් වේග දුම් රිය අනතුරුදායකය.
රනිල් රාජපක්ෂ ගෙදර යන්න කලින් දුම්රිය සහ ගමනාගමනය සදහටම කඩා වැටෙන බව පෙන්වා නේද