(අංජුල මහික වීරරත්න)
මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අනවසරයෙන් හා බලත්කාරයෙන් ඇතුල් වු පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබේ.
ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවෙිදනය කරයි.
මෙම පර්යේෂණායතනය ශාක නිරෝධායන නීති රීති අකුරටම ඉටු කරන ආයතනයක් බවද එම ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරීන් අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර තිබෙන බවද අමාත්‍යාංශය පවසයි.
මින්පසු කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව බලහත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිදු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට කඩා වැදීමට ඉඩ නොදීමට අදාල ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නොහැකියාව වහගන්න බොරු බයිලා ගහන මහින්ද අමරවීර.ඉස්සර වෙලා මධ්‍යස්ථානයේ අඩුපාඩු ටික හදලා හිටහං.
'මහඉලුක්පල්ලමට කඩා වැදුණු පිරිස අල්ලන්නැයි කෘෂි ඇමතිගෙන් පොලිස්පතිට ලිපියක්, සහ ' මහඉලුප්පල්ලම මරන මංචකයේ' නමින් අද පලවී ඇති ප්රවුත්ති එකට ගලපා කියවා සත්ය කුමක්දැයි හිතට ගැනීම බුද්ධිමතුන්ට අමාරු වෙන එකක් නැහැ.
පිංතූරයේ හැටියට නම් ඇමතිට සත්‍ය පේන්නෙ නැහැ පේනවට බයයි විගණන අංශයට හා පාර්ලිමේන්තුවේ කමිටු වලටත් පේන්නෙ නැහැ කියලා හිතෙනවා අමාත්‍යාංශයේ උපදේශකයින් මොකද කරන්නෙ .මේක අනුරාධපුරයේ තියෙනවා නම් අනුරාධපුරයේ කෙනෙක් ඇමති වෙලා හිටපු කාලෙවත් මොකවත් කරලා නැද්ද නැත්නම් ඔහු කරල තියෙන්නෙ ගොඩනැගිලි කුලියට ගැනීම පමණක්ද මට මතක් වෙනවා තායිලන්තයෙන් දුන්නු ඇතා ගැන තවමත් එම රට විමසිල්ලෙන් ඉන්නවා කියන්නෙ ඔවුන් වැඩක් කලොත් පසු විපරමක් කරනවා කියලයි එයින් පෙන්නෙ .මම හිතන විදියට මේකට ඇමති යනවිට ඉවත්කරන බලධාරීන් සිටීමත් අලුත් ඇමතිලා කිසිවක් නිරීක්ෂණ නොකිරීමත් හේතුවක් වෙනවා ඇත්තටම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුත් මේවා ගැන අවධානය යොමුකිරීම කරන්න ඕන හරිනම් අල්ලන්න ඕන කඩාවැදුනු පිරිස නොවෙයි එහි සිටිනවා කියන පිරිසයි
ඇමතිගේ රෙදි ගැලවුන නිසා ලජ්ජා ඇති.
යාල පරීක්ෂණ ඉවරද ? ඔහොම යමල්ලා තව ටිකක්.
කඩා වැදුණු කතාව කොහොමද අපි පිළිගන්නේ ඇමති තුමා ... ඒ අය සිදුකළ අලාභ හානි ගැන කිසිවක් වාර්තා වුනේ නැහැ නේද ? ඒ අය කියනා එම අඩුපාඩු ඔබතුමා හෝ මෙතෙක් දැන සිටියේ නැහැ නේද ? කරුණාකර ඒ ගැන සොයා බලන්න.ඒ වගේ මාතර කැකණදුර පැත්තෙත් කෘෂිකර්ම ආයතනයක පිරිහී යාමක් ගැන ජනතාව මැසිවිලි නගනවා.ඒ ගැනත් සොයා බලන්න.රටේ සමහර ආයතන පිරිහිලා.මේවා නිසි පරිදි රටට හිතකර ලෙස පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුයි.එසේ නැතිව මේ ආයතන බංකොලොත් රටේ මුදල් ගිලින සුදු අලි බවට පත් නොකළ යුතුයි.
පවතින රජය ක්‍රියාත්මක වන ආකාරය ගැන හොඳ උදාහරණයකි. යම් ආයාතනයක දුර්වලතා පෙන්වා දුන් විට දුර්වලතා නිවැරදි කිරීම වෙනුවට පෙන්වා දුන් කෙනාට දඬුවම් කරනවා.
හොදම දේනම් කෘෂි පර්යේෂණ ආයතනය තියන ප්‍රෙද්ශය කිට්ටුව තියන රෝහල්වල විකලාජග වාට්ටු විවෘත කරන එක. කාලයත් සමග ඉතුරු ටික මහජනතාව බලාගනීවි.
ඇමතිතුමනි, ඕව කියන්න බෑ, කොයි කොයි වේසයෙන් එනවද කියල මොකද එදා (දසක 4 කට පෙර ) මහඉලුක්පල්ලම හොඳ රාඡධානියක් කරන් උන්න මතකද, අන්න ඒකත්, ඒව ගැනත් වැඩියෙන් සෝදිසි කරල බැලුවොත් නොහිතන දෙයක නැවත ඇරඹුමක්ද කියල. ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් මෙසේ භෝග පර්යේෂණ ආයතනයට අනවසරයෙන් ඇතුල් වීම ( එදා ඒ පලාත ගැන කතාන්දර එතරම් රසවත් නැති නිසයි මෙහෙම සඳහන් කලේ. අද වෙන දේවල් දැක්කම කඩා කප්පල් වැඩමනෙ වෙන්නෙ ඒකයි)