ඇමති මනූෂගෙන් විදෙස් ගත ශ්‍රමිකයන්ට සහතිකයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ නැංවීමට නම් ඔවුන් එවන මුදල් නිසි ලෙස භාවිතාවන බවට විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බවත්, ඒ පිළිබඳව තමන් ඔවුන්ට සහතික වන බවත්, සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 07 June 2022
සංචාරක ක්ෂේත්රයට දී තිබූ ණය සහන කාලය දීර්ඝ කෙරේ සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට ලබාදී ඇති ණය සහන කාල සීමාව දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 07 June 2022
කේරළ ගංජා සමඟ 2 ක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් දකුණු ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබු කෙරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කයිට්ස් සහ කිලිනොච්චි යන ප්‍රදේශ වලදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 07 June 2022
ඇමැති විජයදාසගේ 22 ක ඉල්ලා අස්කරගනී 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 07 June 2022
මුලතිව් ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා මුලතිව් ආලම්පිල් ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ පිරිසක් ව්‍යාපාරිකයකුට පහරදී ඝාතනය කොට ඇතැයි මුලතිව් පොලිසිය පවසයි. 07 June 2022
සරසවි දෙකකට අලුත් ප්‍රධානීහු පත්වෙති නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක් සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයෙක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. 07 June 2022
එප්පාවල වී මෝලකදී දෙකක් මරා දමයි එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී වී මෝලක සිටි දෙදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 07 June 2022
වැට් බද්දෙන් බනිස් ගෙඩියත් නොකවුට් වැට් බදු ගෙවීමට සිදුවීම නිසා පාන් හැර අනෙකුත් සෑම බේකරි නිෂ්පාදනයක්ම මිල රුපියල් 12 ත් 15 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි . 07 June 2022
‘දඬුවම් ලැබූ ප්‍රසන්නට සභාවට එන්න අයිතියක් නෑ‘ මේ සභාවේ පිටස්තරයකු සිටින හෙයින් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. 07 June 2022
වී ගොවි ණය කපා හරී හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 07 June 2022
මැල්ල ජලාශයේ දියනෑමට ගිය සිසුවා අතුරුදන් ගම්පොල අටබාගේ මැල්ල ජලාශය අසළ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පුස්සල්ලාව පොලිසිය පවසයි . 07 June 2022
සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 07 June 2022
පක්ෂ නායක රැස්වීමක් අද සවස පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) පස්වරු 2.30ට පැවැත්වේ. 07 June 2022
මහ කන්නයට යූරියා ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක් ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ලබාගැනීම සඳහා බන්දීය අපනයන ආනයන බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 June 2022
රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය. 07 June 2022
කබ්රාල්ට ඇප ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07) නියෝග කළේය. 07 June 2022
‘ඉදිරි මාස 6දී රට පත්වාගෙන යන්න නම් ඩොලර් බිලියන 6ක් ඕනෑ‘ ඉදිරි මාසයේ මාස 6 දී රට නොවැටී පවත්වා පවත්වාගැනීම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් අවශ්‍ය වෙන බව වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 June 2022
පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම මිලත් ඉහළට පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 June 2022
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් රටේ ආර්ථික තත්ත්වය සහ අර්බුදය සමනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි. 07 June 2022
බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය පරාජය කරයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයෙන් පෙරපා දැමීමේ අරමුණින්, විපක්ෂය මැදිහත් වී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණු අතර, එය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබුණි. 07 June 2022
පොහොර ගන්න මුදල් වෙන් කරයි පොහොර ආනයනය සඳහා ඩොලර් ලක්ෂ 55ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 07 June 2022
සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් රට තුළ ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් තොග රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පෙරේදා (06)ප්‍රකාශ කර ඇත. 07 June 2022
ලිට්රෝ ගෑස් අද බස්නාහිරට බෙදයි ලිට්රෝ ගෑස් සමාගම අද (7) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර (බස්නාහිර පළාත) යන දිස්ත්‍රික්ක තුනට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයුම ක්‍රියාත්මක කරන බව එම සමාගම පවසයි. 07 June 2022
බස්නාහිර ඇතුළු පළාත් රැසකට විටින් විට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 June 2022
විසිඑක ලබන සතියට කල් යයි විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ දී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල් තබනු ලැබ ඇත. 07 June 2022
වසරකට ඇමතිවරු නිකන් වැඩ කරති ඇමතිවරුන් වැටුප් නොගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ(06) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. 07 June 2022
ගුවන් යානය මුදා හැරියාට රුසියාවෙන් ප්‍රතිචාර එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 06 June 2022
“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ධුරයෙන් යන්න බැහැ’’ තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. 06 June 2022
අධිවේගියේ පාට් දැමූ හිටපු ඇමති පුතාත් බිරියත් මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තංගල්ල හිටපු නගරාධිපති සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී. 06 June 2022
රන්ජන් ශාස්ත්‍රවේදී පළමු වසර අවසාන පරීක්ෂණයට ඉඳගනී බන්ධනාගාරගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යලයේ ශාස්ත්‍රවේදි තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණය සදහා මෙම 11 - 18 යන දිනවල පෙනි සිටිමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 06 June 2022
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025