IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාවනැල්ල ප්‍රා සභාපති ලක්ෂ 20කට ආත්මයම නැති කර ගනී

(පී ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)                

මාවනැල්ල ප්‍රාදේශිය සභා සභාපති සමන්ත ස්ටීවන් මහතා රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ගනිද්දී අද දහවල්  අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

උතුවන්කන්ඳ වලකඩයාව ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක බණ්ඩා නැමති අය විසින් ඉදිකිරිමට යෝජිත ගොඩනැගිල්ලක සැලැස්ම ප්‍රාදේශිය සභාව විසින් අනුමතකර දිම සඳහා සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර එම මුදල අද උදෑසන මාවනැල්ල නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයකදි සභාපති වරයාට ලබාදෙන අවස්ථාවේදි සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.



අදහස් (9)

මාවනැල්ල ප්‍රා සභාපති ලක්ෂ 20කට ආත්මයම නැති කර ගනී

ravin Friday, 13 January 2023 01:31 PM

ආත්මයම නැති කර ගනී... දේශපාලකයන්ට ආත්මයක් තිබේද?

:       0       70

SISIRAFriday, 13 January 2023 04:29 PM

කෝටි ගණන් මුදල් වියදම් කර ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වා දූෂිතයින් දේශපාලනයට ගෙන එනවා වෙනුවට ප්‍රාදේශීය සභාවන් පළාත් සභා මෙන් දේශපාලකයින් නොමැතිව සාර්ථකව පවත්වාගෙන යාමට හැකිවේ.

:       1       16

sharm warn Friday, 13 January 2023 01:34 PM

පොහොට්ටුවේ ඉන්නවද ආත්මයක් තියෙන අය..? ගෑවිච්චි කවුරුවත් අඩුගානේ?

:       2       73

BamunuarachchiSaturday, 14 January 2023 07:44 AM

පොහොට්ටුවේ ආත්මය නිසයි ජෙප්පෝ 2020 කුජීතවෙලා ගියේ.

:       0       1

ranjith Friday, 13 January 2023 01:49 PM

මීට කළින් මොනතරම් පගාගන්න ඇතිද? මොවුන්ගේ පක්ෂයේ ඔක්කොම හොරු...

:       0       69

chandana Friday, 13 January 2023 02:36 PM

මේක තමයි විය යුත්තේ... පගාව ඉල්ලන හැමෝම අල්ලලා දෙන්න ඕනෑ... එතකොට පගා ගන්න එක නවතීවි...

:       0       41

ප්‍රදීප් බණ්ඩාර Friday, 13 January 2023 03:50 PM

මේක පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක වැඩක් මිස වෙනත් දෙයක් නොවෙයි. ඔහු තවත් දවසකින් හෝ දෙකකින් නිදහස් වෙලා ආවොත් ඔහුට ලැබෙන පිළිගැනීමට අනුව ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් වේවි... ඒ අතරේ සභාවට නව සභාපති කෙනෙක් පත්නොකොළොත් අල්ලස් ගැනීම අනුමත කිරීමක් සහ පොහොට්ටුවේ මැතිවරණ උපක්‍රමයක් කියලා තීරණය කරන්න පුළුවන්..

:       1       12

Bamunuarachchi Friday, 13 January 2023 06:50 PM

මුන්ට නැති වෙන්න ආත්මයක් තිබෙනවාද ? මොවුන් මේ පළාත් පාලන චන්ද ඉල්ලන්නේ මේවගේ හොරකම් කරන්න. අපි චන්ද එපා කියන්නේ හොරකම් නැති කරන්න.

:       0       0

senanayake Saturday, 14 January 2023 07:17 AM

අල්ලස් ගන්න ඔනි මොකද එයාලට තියෙන ගැටලු විසදන්න තරම් මුදලක් රජයෙන් වෙන්කරල නැහැනේ අනික සබාපති කෙනෙක් කියන්නේ ලේසියෙන් ලබාගන්න පුලුවන් පදවියක්ද කප්පරක් මුදල් වියදම්කරල ගොටු අල්ලල ගත්ක පදවියක් එ්වට ගිය මුදල් කවුද දෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site