
(පී ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
මාවනැල්ල ප්‍රාදේශිය සභා සභාපති සමන්ත ස්ටීවන් මහතා රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ගනිද්දී අද දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
උතුවන්කන්ඳ වලකඩයාව ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක බණ්ඩා නැමති අය විසින් ඉදිකිරිමට යෝජිත ගොඩනැගිල්ලක සැලැස්ම ප්‍රාදේශිය සභාව විසින් අනුමතකර දිම සඳහා සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර එම මුදල අද උදෑසන මාවනැල්ල නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයකදි සභාපති වරයාට ලබාදෙන අවස්ථාවේදි සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආත්මයම නැති කර ගනී... දේශපාලකයන්ට ආත්මයක් තිබේද?
පොහොට්ටුවේ ඉන්නවද ආත්මයක් තියෙන අය..? ගෑවිච්චි කවුරුවත් අඩුගානේ?
මීට කළින් මොනතරම් පගාගන්න ඇතිද? මොවුන්ගේ පක්ෂයේ ඔක්කොම හොරු...
මේක තමයි විය යුත්තේ... පගාව ඉල්ලන හැමෝම අල්ලලා දෙන්න ඕනෑ... එතකොට පගා ගන්න එක නවතීවි...
මේක පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක වැඩක් මිස වෙනත් දෙයක් නොවෙයි. ඔහු තවත් දවසකින් හෝ දෙකකින් නිදහස් වෙලා ආවොත් ඔහුට ලැබෙන පිළිගැනීමට අනුව ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් වේවි... ඒ අතරේ සභාවට නව සභාපති කෙනෙක් පත්නොකොළොත් අල්ලස් ගැනීම අනුමත කිරීමක් සහ පොහොට්ටුවේ මැතිවරණ උපක්‍රමයක් කියලා තීරණය කරන්න පුළුවන්..
මුන්ට නැති වෙන්න ආත්මයක් තිබෙනවාද ? මොවුන් මේ පළාත් පාලන චන්ද ඉල්ලන්නේ මේවගේ හොරකම් කරන්න. අපි චන්ද එපා කියන්නේ හොරකම් නැති කරන්න.
අල්ලස් ගන්න ඔනි මොකද එයාලට තියෙන ගැටලු විසදන්න තරම් මුදලක් රජයෙන් වෙන්කරල නැහැනේ අනික සබාපති කෙනෙක් කියන්නේ ලේසියෙන් ලබාගන්න පුලුවන් පදවියක්ද කප්පරක් මුදල් වියදම්කරල ගොටු අල්ලල ගත්ක පදවියක් එ්වට ගිය මුදල් කවුද දෙන්නේ.