(විමුක්ති එස් රුද්‍රිගු)

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම පහත දමා තිබේ.

එසේම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකාව පදනම්ව ක්‍රියාත්මක වන ලක්දනවි සමාගමේ ශ්‍රේණිගත කිරීම් ද  ෆිච් රේටින්ග්ස් සමාගම පහත දමා ඇත.

ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කාගිල්ස් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව , නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සෙලාන් බැංකුව ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රේණිගත කිරීම් පහත දැමූ බැංකු 10 වේ.