IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවේ බැංකු 10ක් ශ්‍රේණිගත කිරීමවල පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම පහත දමා තිබේ.

එසේම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකාව පදනම්ව ක්‍රියාත්මක වන ලක්දනවි සමාගමේ ශ්‍රේණිගත කිරීම් ද  ෆිච් රේටින්ග්ස් සමාගම පහත දමා ඇත.

ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කාගිල්ස් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව , නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සෙලාන් බැංකුව ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රේණිගත කිරීම් පහත දැමූ බැංකු 10 වේ.



අදහස් (8)

ලංකාවේ බැංකු 10ක් ශ්‍රේණිගත කිරීමවල පහළට

සෙනෙවිරත්න Friday, 13 January 2023 11:43 AM

ඔය ආරම්භය පමණි. ණය අයවීම්, ලාභය ඉදරියේදී තවතවත් අඩුවන විට මෙම තත්ත්වය තවත් පහළට යනු ඇත. එකකින් බුලත් මඩිස්සලේට හෙණ ගැසූවිට කිල්ලොටේ ගැන කවර කතාද? එසේ වුවද දුප්පත් හෝ සාමාන්‍ය ජනතාවට කිට්ටු විය නොහැකි බැංකු කීපයකටද මෙම තත්ත්වය උදාවීම අරුමයකි.

:       4       14

ලුම්බිණි Friday, 13 January 2023 12:44 PM

කොහොම ජීවත් වුණු මිනිස්සුද? අපට වෙච්චි දෙයක්...

:       4       9

ajithFriday, 13 January 2023 04:24 PM

අපි මෙතරම් කල් "ලස්සනට" ජීවත් වෙලා ඉඳල තියෙන්නේ ණයට. ඒක දැන්වත් වටහා ගන්ට.

:       1       7

ලංකෝනිස් Friday, 13 January 2023 01:14 PM

ලැයිස්තුවේ මුලින්ම තියෙන බැංකුවට ඔහොම වේවි කියලා මටනම් හිතුනෙ සති දෙකකට පමණ පෙර තමයි ඇත්තටම ඉස්සර ඉතාමත් හොදින්ම ගණුදෙනු කරුවන්ට ක්ෂනිකව කටයුතු කර දුන්නු අය දැන් නම් ගණුදෙනුකරුවන් ගැන කිසිම හැගීමක් නැහැ සාමාන්‍යයෙන් ගණුදෙනුකරුවන් පෝලිමේ සිටිද්දී කවුන්ටරයේ සිටින කෙනා නැගිටලා නොයන සිරිතක් ඉස්සර තිබුනා යන්න අවශ්‍ය නම් අලුත් කවුන්ටරයක් ගණුදෙනු කරන්න පටන්ගන්නවා කළමනාකාරියන් නොදැක්කා වගේ ඉන්නවා හරිම දුකයි.

:       4       11

Sanka Friday, 13 January 2023 02:47 PM

ඔය ලැයිස්තුවේ තියෙන බැංකු ටික හැර වෙනත් බැංකු තියෙනවාද? පව් ඉතින්... දැන්වත් ඔය ආර්ථික ඔස්තාර්ලලා ටිකට සිහිය ආවොත් හොඳයි.

:       0       6

Sarasi Friday, 13 January 2023 10:07 PM

ලංකාවේ ඔක්කෝම බැංකුනේ...!

:       0       0

sampath Friday, 13 January 2023 10:53 PM

ඔහොම වෙන එක හොඳයි. ඕවයේ ඉන්න මිනිස්සු සාමාන්‍ය මනුස්සයෙකුට ණයක් දෙන්න කිරි මුත්තගෙ ලෝම ගහේ දිගත් අහනවා. හොරුන්ට කිසිම ඇපයක් නැතිව කෝටි ගණන් දෙනවා. ඒ මදිවට විශාල වැටුප් දීමනා පහසු ණය වගේ සියලු වරප්‍රසාද ලබනවා. ඒත් කමක් නෑ කියමු , වැඩක් කරගන්න ගිහින් බලන්න මහ රජවරු වගේ හිතට අරන් ඉන්නේ. මේවා පරිපාලනයට සිංගප්පූරුවෙන් මිනිස්සු ගේන්න ඕනි.

:       0       3

fairoos Monday, 16 January 2023 08:23 PM

නන්දසේන සහ රනිල් රාජපක්ෂ සෙට් එකම එකතු වෙලා රටට මේ කරපු අපරාදයට නම් හොඳක් සිදුවෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site