
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ලබාදුන් තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (13) පැවසූහ.
විධායක බලතල ඇති ජනාධිපතිවරයකු ලෙස හෝ කොතරම් ඉහළ නිලයක සිටියත් වරදක් කළහොත් නීතියෙන් බේරී සිටීමට ඉඩක් නොමැති බවට මෙම තීන්දුව මගින් පණිවුඩයක් ලබාදී ඇති බවත්, එය වත්මන් මෙන්ම, අනාගත පාලකයන් හා නිලධාරීන් මතක තබාගත යුතු බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය හා කුමන්ත්‍රණය හෙළිවන තුරු තම ව්‍යායාමය අත් නොහරින බව ද කාදිනල්තුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ල අගරදගුරු මැදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔහේ මෙපමනකලක් හොයා හොයා හිටිය මහා මොළ කාරයා කොහෙද? අර ලෙඩ ඇඳේ හිටිය ලෙඩා ගෙනුයි එයාගේ පුතා ගෙනුයි ඇසුවේ නැත්තේ මොකද උඹලා බෝම්ඹ පුපුරන දිනෙයි,වෙලාවයි, ස්ථානයි දැනගෙන මට නොකිව්වේ ඇයිකියලා. ඒ ගොල්ලොත් ප්‍රහාරය වළක්වාගන්න ඉදිරිපත් නොවුනාට දඬුවම් ලැබිය යුතුයි නේද? නැතිනම් ඔවුන් ඔබට කියලා ඔබ ප්‍රහාරය ගණන් ගත්තේ නැතුවද?