(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඖධෂ හිගයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරු පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝණයක නිරතවුහ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඔසු හිගය කඩිනම් පිළියමක් ලබාදෙන ලෙස රජයට බලකර සිටියේය.
මෙහිදි අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය රංජන් ගනේගම මහතා මෙසේ පැවසිය.
‘අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි ඔෘෂධ හිඟයක් හා ශෛල්‍ය වෛද්‍ය උපකරණ හිගයක් තියෙනවා. මේ දවස් ගත්තාම නිදහස් සෞඛ්‍ය කියලා එකක් නැති මට්ටමටම වැටිලා තියෙන්නේ.රෝහල එන ලෙඩ්ඩු තමන්ට අවශ්‍ය බෙහෙත් පිටින් ගන්න වෙලා තිබෙනවා. දොස්තරා විදියට අපිට වගකිමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතාකරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් නැති එකට උද්ඝෝෂණ කරන එක හොදයි. මෙවැනි ඒවට හේතුව සෞඛ්‍ය අංශයේ මුදල් නැති කම. රෝහල් වල බෙහෙත් නෑ. ළමා වාට්ටු වල ළමයින්ට කෑමට බිත්තරයක්වත් නෑ. ගිලන් රථවල ඉන්ධන නෑ. හැබයි එච්චර මුදල් නැති වෙලත් තාම බහුතරයක් වෛද්‍යවරු ලක්ෂ ගනන් හොර අතිකාල ගන්නව. දන්ත වෛද්‍යවරු උදේ 8-2 පමණයි. සති අන්තයේ නිවාඩු. නමුත් පැය 120 හොර අතිකාල දාගෙන ලක්ෂ 2ක අවම වැටුප් ගන්නව. ඉතාම පිළිකුල්. මිනිස්සු මෙවැනි හොරකම් වලටත් විරුද්ධ වෙන්න ඔනි. මහජන සල්ලි. සත්‍ය වශයෙන්ම වැඩ කරන පැය ගණනට පමණක් අතිකාල ගෙවන්න නීති හදන්න. උගත්තු ලෙස පෙනී සිටිමින් සුදු ඇඳගෙන හොරකම් කලාම කවුරුත් දන්නෙ නෑ. මේ රටේ අවුල 225 විතරක් නෙවේ. ඕනෑම කෙනෙක් මේ පිලිබඳ සොයා බලන්න බොරුද කියලා
ඒ උනාට ඔයාල ලක්ෂ ගනන් හොර OT දානව නේද තාම. ඕනෑම ආයතනයක මුදල් නැති වෙන විට අනවශ්‍ය වියදම් නතර කරනවා . හැබැයි ඔයාලා ලෝකෙ කොහෙවත් නැති සේවා මුර විදියවල් හදාගෙන මාසෙට දවස් 10 ක් වත් වැඩ කරන්නෙ නැතුව හවස 4 ටත් කලින් පුද්ගලික පොළවල් වලට දුව දුව මහජන සල්ලි අසාධාරණ විදියට අතිකාල දාගෙන පිටට පේන්න උත්ඝෝෂන කරනව. දන්න අය දන්නව තමුන්ගෙත් කෙරුවාවල්. සම්පූර්ණම රජයේ වරද තමා. නමුත් මෙයලත් 225 වගේම තමා.
මෙ ආන්ඩුවට මෙ රට ගොඩගන්න බැරි බව තමා පෙන්නෙ. කරුනාකර පුලුවන් කට්ටියකට රට බාර දෙන්න නැත්නම් මිනිස්සු දහස් ගනනින් මැරෙන්න පටන් ගනීවි.
මේකෙ කොටන එවුන් බොහෝමයකට රුදාව ඇත්තේ ඖෂධ නොමැතිකම නොව, දොස්තරලාගේ පඩියයි. යකෝ නිකම්ම කෙනෙක්ට දොස්තර කෙනෙක් වෙන්න බැහැ. අවුරුදු ගාණක කැපකිරීමක ප්‍රතිඵලයයි ඒක. අනික නිදහස් අධ්‍යාපනයට නියම සාධාරණය කරපු පිරිසක් තමයි ඒ අය. ගොඩක් අයට නිකන් දෙන අධ්‍යාපනයෙහි අගය ඉගෙන ගන්න කාලේ වටහා ගන්නේ නැතුව කැලෑ පනිනවා. අන්තිමට පාරතොටේ රස්තියාදු ගහමින් රටටම බරක් වෙනවා. අනික් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ දොස්තරලා ගන්නේ හිඟන පඩියක්... වාර්ෂික පඩිය USA වල USD 200000 ගන්න විට ලංකාවේදී ලැබෙන්නේ වාර්ෂිකව USD 8000ක් විතරයි. සෞඛ්‍ය දත්තවලට අනුව සංවර්ධිත රටක මට්ටමකට ලංකාව ගෙන යන්න ඒ අයට පුළුවන් වෙලා තියෙනවා. නිදහස ලබද්දී ආසියාවේ දෙවෙනියාට සංවර්ධනය වී තිබූ රට, බංකොළොත් රටක් බවට පත්කරපු හොර දේශපාලකයින්ට විරුද්ධව එකෙක් මේකෙ කොටන් නෑ. හරි නම් පොදු ජනතාව තමයි උද්ඝෝෂණ කරන්න ඕනෑ ඖෂධ ලබාදෙන ලෙස ඉල්ලා.
ඉතින් ඕකට කරන්න ඕන ඔබතුමන්ලා කරන්න කියපු මෙතෙක් නොකල යහපාලනය කාලයේ හිටපු සුව ඇමතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පමණයි