(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය විදුලි නිෂ්පාදකයන්ට රුපියල් බිලියන 40 ක් හෙවත් කෝටි 4000 ක් ගෙවීමට ඇති බවත් එම ණය මුදලින් බිලියන 3 ක් හෙවත් කෝටි 300 ක් වහලය මත සවි කරන ‘සෝලා’ හිමිකරුවන්ට ගෙවිය යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
එම මුදල් නොලැබීමෙන් අදාල විදුලි නිෂ්පාදකයන් බැංකු ණය ගෙවීමට නොහැකිව අපහසුතාවට පත්ව සිටින බව කී සෙනෙවිරත්න මහතා විදුලිබල මණ්ඩලය බැංකුවලින් ණය ලබාගෙන එම මුදල් ගෙවීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් මෙච්චර කාලයක් මොනවද කරලා තියෙන්නේ? හොඳට පඩි අරගෙන ඉඳලා විතරයි. හැම තැනටම ණය වෙලා... දේශපාලකයින් කියන හොරු රැළ, ඔවුන්ගේ හෙංචයියන් මේවාට පුරවලා, මේවා බංකොළොත් කරලා අන්තිමට ජනතාව මරාගෙන කනවා.
ඒ වුණාට බෝනස් දුන්නානේ. ලෝකේ මේ වගේ දක්ෂ ව්‍යාපාර කළමනාකරුවන් තවත් ඇත්ද?