(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගංජා ජාවාරම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය

පසුගිය 10 වැනි දින සිට එය ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම සිදු කර ඇත.

මෙම සිද්ධියට පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් සැරයන්වරයකු කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි