
(සුජිත් හේවාජුලිගේ )
සල්ලි නැත්නම් බත් එකට ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා වගේ හරි ඡන්දය තියන්න ඕනෑ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
හිටපු සභාපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.
"අපේ කාලෙත් සල්ලි එකපාරටම ගෙඩිය පිටින් දුන්නේ නැහැ. ටික ටික දේවි. මම හිතන්නේ නැහැ සල්ලි නැහැ කියලා ඡන්දය නොතියාවි කියලා. අපිට බැරිම නම් වියදම අඩු කර ගන්න වෙනවා. අපි එළවළු දෙකක් එක්ක බත් කනවා. සල්ලි නැත්නම් අපි ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන කනවා. ඒ වගේ හරි ඡන්දෙ තියන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකතුවෙලා හොරකම් කරලා හොරකම් කරලා රට මේ තත්වයට පත්වුණාම අපි විතරක් ලුණුයි, බතුයි කන්න ඕනෑ.. ඇයි කියන්න බැරි රජය කරන අනවශ්‍ය වියදම් අඩුකරන්න කියලා... මේ ඔක්කොම එකයි...
අපි ලුණුයි, බතුයි කාලා, දිනන අයට රජසැප විඳින්න... පුදුම තියරියක්නේ....!
"පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම,. එමෙන්ම සමෘද්ධි දීමනාව ද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇති බව මානුෂ නානායක්කාර අමාත්‍යවරයා පවසා ඇත. රජයේ සේවකයනට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම ,සමෘද්ධි සහනාධාර ඇතුළු රජයෙන් ජනතාවට හිමි විය යුතු සියලු සුභ සාධන කටයුතු, සෞඛ්‍ය පිළිබඳ පහසුකම් සැළසීම ඇතුලු රජයේ සියලු කුදු මහත් කාර්‍යය සහ කර්තව්‍යයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසි ජනතාවට හිමි පරමාධිපත්‍යයේ අයිතිවාසිකම් බව කිව යුතු ය. ඡන්ද හිමි කම ද නිසි කලට මැතිවරණ පැවැත්වීම ද සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමි පරමාධිපත්‍යයයේ අයිතිවාසිකමකි. මෙකී අයිතිය කිසිවෙකුටත් ම අහුරාලිය නොහැක. අත්හළ නොහැක. බලහත්කාර කමෙන් රාජ්‍ය බලයෙන්, පවරා ගැනීම ද උල්ලංඝනය කිරීම ද කළ නොහැක. මිලිටරි බලය යොදා යටපත් කළ නොහැක. මෙකී පරමාධිපත්‍යට පටහැනිව ක්‍රියා කිරීමට, කතා කිරීමට කිසිවෙකුටත් ම බලයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් වී "පළත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සිදුවන බව සහ සමෘද්ධි දීමනාව ද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇතැයැ,'යි අමාත්‍යවරයෙකු විසින් ප්‍රකාශ කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කරන තර්ජනයකි; නිග්‍රහයකි; අවමානයකි; මහජන නියෝජිතයන්ගේ කාර්‍ය්‍ය වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි සියලු අයිතිවාසිකම් ජනතාවට හිම් වන පරිදි රජය කළමනාකරණය කිරිම ය. එසේ බැරි නම් එම ධූරයන්ට පත් නොවී සිටිය යුතු ය. පත් වී ඇත්නම් ධූරයේ වගකීම දැරිය යුතු ය. එසේ බැරි නම් ඔහු නොහැකි පුද්ගලයෙකි. බැරි කම ඇතිව ධූරය දැරීම රටට කරන මහත් අපරාධයකි. මන්ත්‍රී ධූරය, අමාත්‍ය ධූරය, ජනතාව සතු බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් හිතළු කිය කියා ජනතාවට තර්ජනය නොකළ යුතු ය. ජනතාවගේ ජීවත් වීමට ඇති හිමි කමට නිගා නොකළ යුතු ය. අද මේ රට මේ ආර්ථික පරිහානියට පත් කළේ සාමාන්‍ය පොදු මහ ජනතාව නොවේ. පරමාධිපත්‍යයේ බලය, ජනතාවගේ පණ රැක ගැනීමට තිබෙන සියලු අයිතිවාසිකම්, හිතළු මත මන දොළ සපුරා ගැනීමට, පාලක කාරකාදීන්ට තම තමන්ගේ අවශ්‍යතාවය පරිදි මෙහෙය වීමට ඉඩක් නැති බවද කිව යුතු ය.
ලුණුයි බතුයි නොකන්න වෙනසක් අවශ්‍ය වී ඇති නිසා ජනාධිපතිවරණය ද මේ සමගම තබන්න.. ප්‍රාදේශීය සභාවට පත් වෙන අය ගෙන් ලොකු දෙයක් බලා පොරොත්තු වෙන්න පුලුවන් ද මේ වෙලාවේ ?
සමන්, මෙතන කියලා තියෙන්නේ අපිට ලුණුයි, බතුයි කන්න කියලා නෙවෙයි.. ඉතාම අඩු වියදමින් ඡන්දය තියන්න කියලා...
කලින් වතාවේ ද්විත්ව පුරවැසිභාවය හරියට පරීක්ෂා කෙරූ නිසා ඒකේ ආනිසංශයෙන් මෙයාට නම් ජීවිතේට ලුණුයි, බතුයි කන්න වෙන්නේ නැහැ. ඕනෑම වෙලාවක ඔබරෝයි එකෙන් ගෙනත් කන්න පුළුවන්.
කොහොමත් මෙයා කථාවට නම් හරිම දක්ෂයි. මේ තත්වයට මෙයත් වගකිව යුතු කෙනෙක් කියලයි මගේ මෙන්ම බොහෝ අයගේ අදහස...
ඔහු කියන්නෙ ලුනු යි බතුයි කනව වගෙ අඩු වියදමකින් හරි පිරිමහගෙන හරි චන්දෙ තියන්න ඔන කියන එක.. කොහොම වුනත් ලුනුයි බතුයි කන තරමට රටත් වැටෙන්න මෙයගෙත් ලොකු දායකත්වයක් තිබුන කියල මතක තියා ගන්න..
ආරියතිලක - මෝඩ තකතීරු අදහස් පළ කර ඇති අයට ඔබ හොඳ පැහැදිලි කිරීමක් කර ඇත. ස්තූතියි....!
මොනවාද මේ ආණ්ඩුවේ අය කියන කතා. ඡන්දෙට මුහුණ දෙන්න බයේ ඒක වළක්වන්න මනස්ගාත කතාකරනවා. පළාත් පාලන ඡන්දයෙන් කවුරු දිනුවත් ආණ්ඩුව වැටෙන්නේ නෑ. ඡන්දෙ පවත්වන්න මුදල් නෑ කියන්නේ අමූලික බොරුවක්... අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන්කර තිබෙනවා...
එකගයි