(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල නැවත ගෙවීමට තවත් මාස 6 ක කාලයක් ලබා දීමට බංගලාදේශ මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව තම ණය මුදල මෙම වසරේ මාර්තු මස ගෙවීමට නියමිතව තිබූ අතර ඒ අනුව ණය මුදල ගෙවීමට සැප්තැම්බර් මස දක්වා ශ්‍රී ලංකාවට කල් ලැබෙනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පෙන්වා දී තිබේ.
බංගලාදේශය 2021 වසරේ අගෝස්තු මස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉන්පසු අවස්ථා දෙකකදී ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ලබා දී ඇති බවත් බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත සඳහන් කර ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ණය මුදල මාර්තු මස ගෙවන බවද ප්‍රකාශ කළ බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටට LTR ඩුම්‍රිය එපා වුනත් දැන් බංලාදේශයෙ Jica ආදාර යටතේ ස්ථාපනය කල මෙට්‍රො දුම්ය සේය ක්‍රියාත්මකයි. අපෙ රට බංලාදේශයෙනුත් හිගා කන රටක් බවට පත්කල අපේ රටෙ පාලකයන්ට බොහොම ස්තුතියි. බංගලාදේශයට සිදු වන්නෙ දිගින් දිගටම, මෙ නයම අපසු ගෙවීම් සදහා මාස හය බැගින් කල් දීමටයි.
රට බංකොළොත් කළ අයට තවමත් කත්අදින අමනයින් රෙදි ඇඳගෙන කිසිම ලැජ්ජාවක් නැතිව මේ සල්ලිත් ගසා කාලා ඡන්දෙත් ඉල්ලන්න එනවා... වරෙව්...!
අපි කවුරුත් හොඳින් දන්නවනේ මාස හයකින් නෙමෙයි, තව අවුරුදු හැටකින් වත් ඕක ගෙවන්න බැහැ. බංග්ලාදේශයට ඇපත් නැහැ.