
(කුෂාන් ජයවර්ධන)
වයස අවුරුදු 13න් පහළ පාසල් නිවාසාන්තර මැරතන් තරගයකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ 02 ශ්‍රෙණියේ සිසුවෙක් 13 පහළ තරගකරුවන් 13 දෙනකු අභිබවා විනාඩි 27ක් තුළ දී නියමිත දුර නිම කළේය.
මැරතන් තරගය නිමා කර මෙලෙස ජය ලබා ගැනීමට සමත්ව ඇත්තේ කැකිරාව අධ්‍යාපන කලාපයේ, පලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් බලලුවැව මුස්ලිම් මහ විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන එෆ්.එම්.රුෂ්ඩි නමැති සිසුවෙකි.
රුෂ්ඩි එම තරගය නිම කර ඇත්තේ තරගයට අවුරුදු 13න් පහළ තරගකරුවන් 30 දෙනකු අතරින් 13 දෙනකුම අභිබවා යමිනි. පුංචි රුෂඩ්ට එම තරගයේ 17වන ස්ථානය හිමි විය.
එම විද්‍යාලයේ පැවැති නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට අදාලව පැවැති 13න් පහළ කිලෝමීටර් 05ක් දුරැතිව පැවැති මැරතන් තරගයේදී ඔහු විනාඩි 27ක් තුලදී එම දුර නිමකර මෙලෙස සිය දක්ෂතාවය පෙන්වා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේදී ශ්‍රී ලංකාවට හොඳ ගෞරවයක් ලබාදීමට නුඹට හැකිවේවා පුතේ!
පොඩි කාලේ සිංහල පොතේ තිබ්බ කතාවක් මීටර් 100 ..කැකිරාවේ කොල්ලෙක් ගැන
හරිම ආඩම්බරයි පුතේ... ඔයාට දිගගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
විනාඩි විසි හතෙන් මැරතන් දුවන්න බැහැ... ලෝක සූරයෙක්ට වත් අඩුගානේ පැය දෙකකට වැඩිය යනවා.. සැතපුම් විසිහයකට වඩා දුවන්න ඕනෑ මැරතන් එකකට...
සුබපැතුම් රූෂ්ඩි...! මේ පුවතේ හැටියට මේ දරුවා 17 වැනියා, මුළු තරග කරුවන් ගණන 30, මේ පුංචි රූෂ්ඩි 13 දෙනෙකු අභිභවා තරගය නිමා කළාලු. එතකොට මේ දරුවාට කලින් තරගය නිමකළ 16 දෙනා ගැන මොකද කියන්නේ... එයාලගේ දක්ෂකම් මැන්නේ නැද්ද...?
පැන්චා දුවන හැඩ අපුරුයි
මේ මහපොළොවේ හැමෝම දක්ෂයන් පහළ වෙන්නෙ. ඒත් මොකක්දෝ කරුමයකට ඒවා අකාලේ තැලැලා පොඩි වෙලා විනාස වෙන්න දීලා බලන් ඉන්නව. මොකද අපි හැමදාම කාට හරි රැවටෙනසුලු ජාතියක්. සුද්දට උඩරට සිංහලයා රැවටුනා. කුවේනි විජයට රැවටුනා. අපිත් පල් හොරුන්ට අහුවුණා.