(සුජිත් හේවාජුලිගේ)
යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට එක් ලක්ෂ තිස් පන් දහස දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා යුදහමුදාවේ අනුමත සාමාජික සංඛ්‍යාව 2030 වසර වනවිට ලක්ෂයක ප්‍රමාණයක රඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි ප්‍රකාශ කළේය.
යුද හමුදාවේ දැනට අනුමත සාමාජික සංඛ්‍යාව දෙලක්ෂ හත් සිය අසූ තුනකි.
තාක්ෂණිකව සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් 2030 වසර වනවිට නිර්මාණය කිරීම අරමුණ යැයි පැවසූ තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතින බවද ප්‍රකාශ කළේය.
සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරනු ලබන බවත් ජාතික සහ මානව ආරක්ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා එමගින් මාර්ග විවෘත කෙරෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා ලොක්කන්ගේ සැප අඩු කරපල්ලා. ගැහුණු ෂොපිං යන්නේ, ළමයි ඉස්කෝලේ යන්නේ හමුදා වාහනවල, ඔවුන්ගේ ගෙවල් හදන්නේ, වතු වවන්නේ හමුදාවේ කොල්ලන්... ලොක්කන්ට කජු වතු, අඹ වතු, හෝටල්, ගෙස්ට් හවුස්, ෂෙඩ්, රෑට පර්මිට්, ගණිකා නිවාස මෙකී නොකී වත්කම්. ඉතිං ආරක්ෂක වියදම සැරයිලු... අසරණයින් නැහෙනවා ලොක්කන් සැප විඳිනවා...
හොඳ තීරණයක්!
ඉතාම හොඳ තීරණයක්. IMF එක හොඳ දේවලුත් කරනවා.
හමුදාවේ ශක්තිය අඩු කිරීමට ජාත්‍යන්තරයට ඉස්සර ඉඳන්ම හොඳ වුවමනාවක් තිබුණා. රටක් දුර්වල කරලා ඔවුන්මත යැපෙන තත්ත්වයට අරගෙන ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නයි ජාත්‍යන්තරය දත නියවන්නේ. සාලාව අවි ගබඩාව පුපුරවා හැරීමත් එයින් එක් කොටසක්...
අඩුකලාට කමක් නැහැ හමුදා පුහුණුව තිබෙන පුරවසින් ඉන්නවානේ.
ඔය වගේම ඇමතිලා මන්ත්‍රීලා පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගාණත් අඩු කරලා ලේකම්ලා මහලේකම්ලා අධ්‍යක්ෂකලා අතිරේක ලේකම්ලා අධ්‍යක්ෂ ජනරාල්ලා ගාණත් අඩු කළා නම් වැඩේ ගොඩ නේද?
ඕකේ අඩු කරන්න දෙයක් නැහැ... තව ටිකක් කල්යන්න කවුරුත් යන්නේ නැහැ හමුදාවට... ඔය කෑම්ප්වල ඉන්න අය එක්ක ඉන්න වෙනම ගානක් පඩියට හැදෙන්න ඕනෑ...
අලුතින් පාතාලයට 50,000 ක්
මෙය ඉතාම හොඳ තීරණයක්. හැකි තාක් සාමසාධක හමුදාවන්ට යැවීමත් පොලීසිය ආරක්ෂක කටයුතුවලින් ඉවත් කොට ඒ වෙනුවට හමුදා යෙදවීමත් ඉතාමත් කාලෝචිතයි. විශ්‍රාම යෑමට අවස්ථාවක් දෙන්න අනෙක් අයට ඔය දීමනා සහ පහසුකම් ඉවත් කරන්න ඕනි. රටකට නඩත්තු කළ හැකි ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් ප්‍රමාණයත් තබා ගත යුතුයි. නවක බඳවාගැනීම් හැකිතාක් අඩු කළ යුතුයි.
අනේ ගොඩක් හොඳයි.ඉක්මනටම ඒ දේ කරන්න .මොකද යුද්ධක් නැති රටක මේ තරම් ලොකු හමුදාව ක් අවශ් නොවේ.
ඇත්තටම මම කැමැතියි මේ තීරණයට.. මොකද අපේ රටේ ගොඩක් අය ආර්ථික අපහසුතා නිසා දුක් විඳිනවා. මමත් හමුදා සාමාජිකයෙක්... මම කියන්නේ අපිට විශ්‍රාම වැටුපක් දීලා අයින් කළොත් අපිටත් පුළුවන් වෙනත් රටකට ගිහින් ලංකාවට ඩොලර් ප්‍රමාණයක් එවන්න. මගේ රට වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන්...