(මහින්ද නිශ්ශංක)
මහනුවර සිට දුම්රියෙන් කොළඹ කොටුවට පැමිණි බ්‍රසීල ජාතිකයකුගේ අමතක වී ගිය රුපියල් ලක්ෂ ගණනක් වටිනා ලැප්ටොප් දුරකථනය, ඩොලර් දහසක් සහ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු වටිනා ලියකිවිලි අඩංගු ගමන් බෑගය විනාඩි කිහිපයක් තුළදී සොයා ඔහු වෙත බාර දීමේ පුවතක් දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව මෙහෙයුම් කාර්යාලයෙන් වාර්තා වේ .
මහනුවර සිට පස්වරු 2: 20ට පමණ කොළඹ කොටුවට ළඟා වූ සීඝ්‍රගාමී දුම්රියෙන් පැමිණි අන්තෝනියෝ නැමැති මෙම බ්‍රසීල ජාතිකයා තම ගමන් බෑගය අමතක වී කොටුව දුම්රිය ස්ථානයෙන් බැස ගොස් ඇති අතර පසුව ඒ මොහොතේම ඔහු කොටුව දුම්රිය මෙහෙයුම් කාර්යාලයට පැමිණ ඒ බව දැනුම් දී තිබේ .
පසුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර ඒ වන විටත් මගින් රහිත එම දුම්රිය මරදාන අංගනය වෙත ධාවනය වෙමින් තිබී ඇත .ඒ අනුව ආරක්ෂක නිලධාරීන් දුම්රිය පාලන කාර්යාලය දැනුවත් කොට දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේදී නතර කරගෙන තිබෙන අතර බ්‍රසිල ජාතිකයාගේ ගමන් බෑගය පිළිබඳව දුම්රිය ආරක්ෂක නිලධාරීන් මරදාන දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරී දමයන්ති මහත්මිය ඒ බව පවසා තිබේ .
එම දැනුම් දීමට අනුව මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රිය මැදිරි පරීක්ෂාවට ලක් කළ ආරක්ෂක නිළධාරිනි දමයන්ති මහත්මියට මැදිරියක තිබී විදේශිකයා සතු ගමන් බෑගය සොයා ගැනීමට හැකි වී තිබේ .
මේ වන විටත් කොටුව ආරක්ෂක නිලධාරීන් විදේශිකයා සමඟ වාහනයකින් මරදාන දුම්රිය ස්ථානයට ගොස් ගමන් බෑගය භාරයට ගෙන යළි කොටුව දුම්රිය ආරක්ෂක හමුදා කාර්යාලය වෙත පැමිණ බ්‍රසීල ජාතික අන්තෝනියෝ මහතාට සිය ගමන් බෑගය භාරදීමට පියවර ගත්තේය
ගමන් බෑගය භාරගැනීමෙන් අනතුරුව මෙම සත්ක්‍රියාව සිදුකළ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන්ට අනේක වාරයක් ස්තුතිය පුද කිරීමට ද බ්‍රසීල ජාතික අන්තෝනියෝ මහතා අමතක නොකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙවැනි ප්‍රවෘත්ති ඉංග්‍රීසියෙන් ද ලියන්න, එවිට විදේශිකයන්ට කියවිය හැකිය. සියලුම ඉංග්‍රීසි ලිපි ඉතා සෘණාත්මක ය.
වෙනස් හොඳ වැඩක්. ශ්‍රී ලංකාවටත් මෙය සිදු වුවහොත් ඔවුන් ඔවුන්ගේ කාර්යය එලෙසම කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
රේල්ලුවේ කට්ටිය සත්ක්‍රියාවයි වගකීමයි පටලවාගෙන... ටිකට්පතක් ගෙන කෝච්චියේ යන මනුස්සයා සහ ඔහුගේ දේපල ආරක්ෂා කිරීමට ඔවුන් නීතියෙන් බැඳීසිටී...
ආරක්ෂක යන්ගේ රාජකාරි ය එයයි ..එය විශ්මයක් හෝ අමුතුවෙන් ඇගයීමක් කල යුතු දෙයක් වෙන්නේ කෙසේද .?
ආදර්ශමත් සත්ක්‍රියාවට ප්‍රනාමය. මේ අයුරින්ම දුම්රියේ වැටුනු මාගේ ජංගම දුරකථනයක් කලකට පෙර මේ අය සොයා දුන්නා. ඔබට නැවතත් තුති.
සිරිසේන අන්තෝජටා වෙත... තමන්ට වුණාම තමයි තේරෙන්නේ. රාජකාරියද? සද්ක්‍රියාවක්ද කියලා... එතකන් තියෙන්නේ දාර්ශනික අදහස්...