(දයාරත්න ඇඹෝගම)
නිලධාරින්ගේ හිඟය නිසා මැතිවරණ සිමා නිර්ණය කිරිමේ කාර්ය බාරය ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සිමා නිර්ණය කිරිමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනුරාධපුරයේදි පැවසිය.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධියා ලෙසට එක්වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේද පැවසිය.
‘සිමා නිර්ණය කිරිමේ කටයුතු අපි කරගෙන යනවා.ඒක මේ ජන්ද විමසිමට බලපෑමක් නැහැ.අපි බලාපොරොත්තු වුණා ඒ කටයුත්ත පෙබරවාරි මස 28 දිනෙන් අවසන් කරන්න.නමුත් අපට ප්‍රශ්න කිහිපයක් ඇවිත් තිබෙනවා.
‘මේ ජනවාරි පලවෙනිදා ඉදලා දිසාපතිවරු හත් දෙනෙකුට උසස්විම් ලැබිලා තවත් සමහරුන් විශ්‍රාම ගිහින් තිබෙනවා. සංඛාලේඛණ නිලධාරින් 17 දෙනෙක් ස්ථාන මාරැ කොට තිබෙනවා. කමිටුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මිණුම් අධිකාරිවරුන් 10 දෙනෙක් පමණ ස්ථාන මාරැවි තිබෙනවා’.
‘ඒ වගේම මැතිවරණ නිලධාරින්ට මේ පළාත් පාලන මැතිවරණ රාජකාරි පැවරිලා තිබෙනවා.ඒ නිසා සිමානිර්ණ කටයුතු ප්‍රමාද වෙනවා.ඒ නිසා අපි හිතනවා මාර්තු 31 වත් අමාරුවෙන් හෝ මේ වැඩය ඉවර කරන්න පුලුවන් වෙයි කියලා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd