(පැතුම් දර්ශන)
පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන මැණික් ගලක් රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනකු මැදවච්චිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පිහිටි මහදිවුල්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කාර්යාලය කියයි.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.බී.සී.රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය සහ මන්ඩාවෙල යන ප්‍රදේශවල පදිංචි කොන්ත්‍රාත් කරුවන් දෙදෙනෙකි.
පෞරාණික වටිනාකමක් ඇති මැණික් ගලක් මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයකුට විකිණීම සඳහා දෙදෙනකු කැබ්රථයකින් ඒ නවය මාර්ගයේ පැමිණෙන බවට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව ඔවුන් මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේදී මාර්ගය හරස් කර කැබ් රථය නවතා සිදු කළ පරික්ෂාවේදී අදාල මැණික් ගල් සමග සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව වැටලීමට එක්වු නිලධාරින් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අල්ලන මැණික්වලට මොකද වෙන්නේ..? කාලයක් යනකොට වීදුරු ගලක් බවට පත් වෙනවාද?
මේ වගේ පොලිසිය අල්ලන මැණික්, වාලම්පුරි ඇල්ලුවයින් පස්සේ කතාව ඉවරයි.
රත්රන්, කුඩු මැණික් වගේ දේවල් කිල්ලට අහුවෙලා පිත්තල, පැනඩෝල් තිරිවාන බවට පත්වෙන නිසා මීට පසුව වතාවත්වල යෙදිලා මේවා අල්ලන්න ඕනි. මේවා නොතේරෙන මිනිස්සු නොදන්න කමට වෙන වෙන ප්‍රශ්න අහනව. කමෙන්ට්ස් දානව.