
(චාපා මධුභාෂිණී සහ අමදෝරු අමරජීව)
මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පුලතිසි සීග්‍රගාමී දුම්රියේ ගල්ඔය දුම්රිය නැවතුම්පොළ ආසන්නයේදී අද (13) අළුයම 5ට පමණ වන අලියෙකු ගැටී මියගොස් ඇතැයි ගල්ඔය පොලිසිය කියයි.
මෙම වන අලියා ගැටීම හේතුවෙන් දුම්රියේ ඉදිරිපස ඒන්ජිම පීලි පැන තිබෙන අතර මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයන්ට බාදා ඇති වූ බව ආරංචිමාර්ග කියයි.
අනතුර හේතුවෙන් මිය ගිය අලියා වයස අවුරුදු 20 පමණ වන බව කවුඩුල්ල නිළධාරීන් කියයි.
මින්නේරිය සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්හි වෙසෙන වන අලි නිරන්තරයෙන් මෙලෙස දුම්රිය මාර්ගය හරහා මාරු වන අතර මෙලෙස මාරුවන වන අලි දුම්රියේ ගැටීමෙන් විශාල වශයෙන් මිය යන බවද උද්‍යාන නිළධාරීන් කියයි.
මෙම අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්බර කට 10 පමණ කැඩී ගොස් ඇත.
අනතුරෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නැති අතර දුම්රිය පීලි පැනීම හේතුවෙන් ගමනාගමනයට බාදා ඇති වූ හෙයින් ඒම දුම්රියේ පැමිණි මගීන් හතරැස්කොටුව පොලිසිය විසින් බස්රථ මගින්වලින් පිටත්කර හැරීමට කටයුතු කර ඇත.
(ඩයනා උදයංගනී)
පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙහි අද උදෑසන වන අලි තිදෙනකු ගැටීමෙන් එය පීලිපැන්නේය.
එම අනතුර හතරැස්කොටුව ප්‍රදේශයේදී සිදුව ඇත.
මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයෙ දුම්රිය ධාවනය අඩාල වී ඇතැයි වාර්තා වේ.
(ඡායාරූප: අමදෝරු අමරජීව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණය දියුණුයි කියලා මහ ලොකුවට කියවන මෙවන් කාලය... මේ සත්තු කීපදෙනෙක් බේරගන්න ක්‍රමයක් නැති අපි මිනිස්සුද බොලව්.. නොදකින්.. විලි ලැජ්ජයි..
අලියෙක් බේරාගන්න බැරි උනාට rocket යවපු ජාතියක් අපි. ඒ යවපු එක කොහේ තියනවා ද නොදන්නා එක වෙනම කතාවක්.
අලි මැරෙන එක නවත්වන්න බැරි ඇයි … හරිම අපරාදයක්