(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900 ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කර නිකුත් කළ බවත් ඒ අනුව එම අධිකාරිය කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉස්කෝලෙ ගිය අවුරුදු 13 පුරාවටම අහපු එකක්. තාමත් අහනවා. අනේ මෙහෙමත් රටක්...
ජාතික ආරක්ෂාව සහ රණවිරුවෝ, බුද්ධාගම, ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත්... මෙතෙක් කල් සිදුවුණා වගේම බහුතරයක් වූ හෙළයින් ඇන්දවීමට අවශ්‍ය කරුණු ටික ලස්සනට පෙළගැහෙනවා. කලින් වතාවේ විරුවා ගේන්න සුරංගනා කථා කියපු කාලේ එක පොරක් විරිත්ත දාගෙන කිව්වේ අපේ රටේ ඛනිජ සම්පත්වලින් රටේ ඔක්කොම ණය ගෙවනවා කියලා. අන්තිමේදී විරුවා නම් දැන් සවාරියක් දාලා ඉන්නවා.. කියපු කෙනා ආයේ විරිත්ත දාගෙන හෙලිකොප්ටරේක නැගලා එනවා ආයෙත් රට බේරාගන්න.
කියව කියවා ඉන්නේ නැතිව ඉක්මණට හාරන්න පටන් ගනිල්ලා. අපිට මෙහෙම ටැක්ස් ගෙවන්න බැහැ.
ආ... සුපුරුදු ඡන්ද ගුණ්ඩු ගීතය... ඉතින් එන්න අපි ඇඳගනිමු පරණ පුරුදු සීතාම්බර සළු...
කඩිනමින් අරඹන්න. ප්‍රතිඵල සුබ වේවා..!!!
2011 නොවැම්බරයේදී ශ්‍ර්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් කියලා ලිපියක් සුරගුරු සඟරාවේ 211 ජූලි -අගෝස්තු කලාපයේ පලවී තිබුණා එම ලිපිය කියෙව්වාම ජ්‍යොතිෂවේදීන් කියන්නේ සමහර පක්ෂ රජ කරන්න කටයුතු කරන අයද කියලා හිතෙනවා... එක් පංතියක් පැවැත් වූ ගුරුතුමකු ගෝලයින්ට සංගමය පිහිටුවන්න කිව්වේ ශ්‍රී ලංකා නිදහස් ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය කියලා... ඔහු 2015 ජනාධිපතිවරණය සඳහාත් එවකට හිටපු ජනාධිපති වෙනුවෙන් සංගමයේ අනුශාසක ලෙසට ලොකු ප්‍රචාරයක් ගෙන ගියා... මුලින් මම කියපු සඟරාවේ උපදේශක මණ්ඩලයේ ඔහු නැතත් පාලකයාගේ වාසනාවකට ලංකා බිමෙන් තෙල් ලැබෙනවා කියලා සඟරාවේ පලකළ පිරිසේ කෙනෙක් ගැන නම් 2015 ජනවාරියේ රටම දැනගත්තා නේද?
ඡන්දයක් ළංවෙනකොට කොහෙන් හරි තෙල් මතුවෙනවා. ඡන්දෙ ඉවර වුණාම ණයට අරගෙන තිබුණු තෙල් ටිකටත් වෙච්චි දෙයක් නෑ..