(යොහාන් භාසුර)
කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් ලබන සඳුදා (16) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අවලංගු කළ දුම්රිය ගමන්වාර 30 ට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 8 ක්, පුත්තලම සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙක බැගින් ඇතුළත්ව තිබේ.
දුම්රිය සේවක හිඟය සහ වියදම් අඩු කිරීම සඳහා මගීන් වැඩි ප්‍රමාණයක් ගමන් නොකරන දුම්රිය වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කර මෙම දුම්රිය ගමන්වාර අඩු කළ බවත් මගී ජනතාවට අවම අපහසුවක් වන ආකාරයට එය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ බන්දුල. . . එක වචනයක් නැති සුදු ළුුනු. . . මෙ මිනිහට චන්‌දෙ දෙන්න තව ඉන්නවද හෝමමගම පැත්තෙ මිනිස්සු?